රළු බැරල් නමා විල්බැරෝ හදන දෙපා අහිමි සරත්

0

ගොරහැඩි රළු බැරල් මනාව නවමින්, කපමින්, හැඩ දමමින් සිත් ගන්නා සුළු නිර්මාණ කරන නිමැයුම්කරුවකු පිළිබද පුවතක් “අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා.ඒ ගාල්ල ඉමදුව ප්‍රදේශයෙනි.ඔහු සරත් මාපලගමගේ වේ. මේ වන විට සරත් දකුණු පළාතටම තත්ත්වයෙන් උසස් විල්බැරෝ නිෂ්පාදනය කරන්නෙකු ලෙස නමක් දිනාගෙන තිබේ.

සරත්ගේ ඉරණම වෙනස් වන්නේ මීට වසර විසිහතකට පෙරය. ඒ බසයකට ය’ට වී සිදු වූ රිය අ’නතුරකින් ඔහුගේ දෙපා අහිමි වූ දා සිට යි. නමුත් එයින් නොනැවටී තම දරුවන් පස්දෙනා සහ බිරියගේ අනාගතය සියතට ගැනීමේ අභියෝග සරත් භාරගත්තේ දිරිය මිනිසකු ලෙසනි.

සරත් මාපලගමගේ මෙලෙස අදහස් දැක්වු අදහස්..

“මම කලින් කළේ වඩු මඩුවක. දවසක් එහෙම වැඩට යන්න පාරේ ඉන්නකොට තමයි අ’නතුර වුණේ. එහෙම කියලා මම වැ’ටුණේ නෑ කොහොම හරි මට පුළුවන් දැතේ කර්මාන්තෙන් වැඩ කලා. කොසු ඉදල් හැදුවා. සපත්තු මැහුවා. ඒත් ඒවගෙන් ලොකු ආදායමක් ගන්න බැරිවුණ නිසා තමයි විල්බැරෝ හදන්න පටන් ගත්තේ.

දැන් අවුරුදු දහයක් වෙනවා වැඩේ පටන් අරං. දෙයියනේ කියල වැඩේ හොඳට කරගෙන ආවා. පාන්දර හතරට තමයි වැඩ පටන් ගන්නේ. දවසකට මම කොහොම හරි විල්බැරෝ තට්ටු හතක් හදනවා. ඒකෙන් රුපියල් හත්දාහක විතර ලාභයක් තියනවා” යැයි ඔහු පැවසීය. මේ සඳහා යොදා ගන්නා යකඩ බැරල් ඔහු විසින් වෙළෙඳපොළෙන් මිලදී ගන්නේ රුපියල් එක්දහස් පන්සියක් වැනි මිලකටයි.

ඔහුගේ මෙම විල්බරෝ තට්ටුව වල විශේෂය වන්නේ යකඩ තහඩු තුනක් ඒ සඳහා යොදා ගැනීමයි. සවි ශක්තියෙන් ඉහළ මෙම නිෂ්පාදනය සඳහා වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවත් ගැණුම්කරුවන් නිවෙසටම පැමිණ නිෂ්පාදන මිලදී ගන්නා බවත් ඔහු පැවසුවේය.

දුම් කබල්, කුඩු ලිප්, තාච්චි වැනි භාණ්ඩත් සරත්ගේ දෑතින්ම වෙළෙඳපොළට ලබා දේ. දිනය නිමා වන විට තම පවුල නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීමට ඔහු මේ වන විට සමත් වී තිබේ.

ප්‍රධානම නිෂ්පාදන අමුද්‍රව්‍ය වන යකඩ බැරල් හි’ඟකම සරත්ගේ වෘත්තිය කරගෙන යෑමට ඍජුව බලපා ඇත. මෙම නිෂ්පාදන ලංකාව පුරා බෙදා හැරීම සිය එකම අරමුණ බව ඔහු පවසා සිටියේය.

ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here