කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා බලමුළුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නිකවැරටිය සති පොළ භූමියේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා සංවිධානයේ විධායක සභික ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන , කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක , කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ සුමිත් උඩුකුඹුර ඇතුළු විශාල කාන්තා පිරිසක් සහභාගී වූහ.