අක්කර දෙක හමාරක කිරි වැඳුණු ගොයමක් ගවයින්ට දීල (PHOTO)

0

කිරි වදින අක්කර දෙකහමාරක අති සාර්ථක වී වගාවක් සමස්ත ගොවි පරපුරට පින් අනුමෝදන් කිරීම සඳහා කිරි එළදෙනුන් ට දන්දීමේ අපූරු පුවතක් ගලේක්වෙල දේවහුව කොස්ගහහින්න ප්‍රදේශයෙන් අද (10දා) වාර්තා විය.

ගලේවෙල නගරයේ ව්‍යාපාරිකයෙකු වූ සනත් බණ්ඩාර මහතා ඇතුළු ගමේ ගොවි මහතුන් එක්ව ඒ මහතාගේ අක්කර දෙකහමාරක් වූ කුඹුරු මුල සිටම වගාකොට ඇත්තේ කිරි එළ
එළදෙනුන් ට දානය පිණිස වීම විශේෂත්වයකි.

ඒ අනුව උදෑසන මහා සංඝරත්නය එම
ස්ථානයට වඩමවා මි’යගිය සමස්ථ  ගොවීන්ට කුඹුරු අස්වද්දා අතීත මුතුන් මිත්තන්ට මාපිය වරුන්ට පිං අනුමෝදන් කරමින් ප්‍රදේශයේ සිටින කිරි දෙනුන් එම ස්ථානයට ගෙන්වා කුඹුර සන්ව දානයක් ලෙස ලබාදීමට කටයුතු කළේය.

මුලින්ම භික්ෂූන් වහන්සේ කුඹුරට බැස පළමු අස්වැන්න නෙලා එම ස්ථානයේ රැගෙන විත් සිටි කිරි දෙනෙකුට කන්නට සැලැස්වීම සිදුකළහ ,පසුව පිරිස් එම ස්ථානයට ගෙනැවිත් සිටි කිරි හරකුන්ට අක්කර දෙකහමාරක ඉතා සාර්ථක කුඹුර ආහාර සදහා වෙන් කිරීම් සිදු කළහ.

මෙම අක්කර දෙකහමාරක වූ කුඹුරෙන් වී බුසල් දෙසිය 250ක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් අතීතයේ සිට කුඹුරු අවද්දා ගොවිතැන් බත් කරන ලද මි’ය ගිය සෑම දෙනාටම පිං අනුමෝදන් කිරීම පමණක් නොව මෙහි ආහාර ගෙන පෝෂණය වෙන කිරි දෙනුන්ගේ කිරි වලින් සමත රටේ
ජනතාවට එහි පෝෂණය ලැබෙන බවද
අතීතයේ හරකුන් විසින් සිදුකල විශාල වූ
සේවයට ගරු කිරීමක් වශයෙන්ද මෙම
පිංකම සිදුකල බව සංවේදීව ව්‍යාපාරික
සනත් බණ්ඩාර මහතා පැවසීය.

එස්.කරුණාරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here