ජොනී ආණ්ඩුවට ඔක්සිජන් දෙයි…අද සම්පූර්ණ කතාව මෙන්න.

0

ඊයෙ අපි තීන්දු කෙරුවා පක්ෂ නායකයෝ ගණනාවක් ඇවිල්ල හිටියා. ඇවිල්ලා තීන්දු කෙරුවා අද ප්‍රශ්න මුකුත් ගන්නෙ නැතිව මේ පවතින තත්වය ගැන විවාදයක් තියමු කියලා. ගරු විපක්ෂයේ සංවිධායකතුමාගෙනත් විපක්ෂනායකතුමාගෙනුත් අපිට ඇති වෙන්න වෙලා තියෙනවා කතා කරන්න. පොයින්ට් ඔෆ් ඕඩර් දාන්නේ නැතුව අපි මේ විවාදයට එකතු වෙමු. ඒවගේම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා, වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරනවා. ඔබතුමා ඇතුළු විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියලා මන්ත්‍රීවරුන්ගේ. එතකොට ඊයේ අපි දැක්කා ඇතිවෙච්ච සිද්ධීන්. පාර්ලිමේන්තුව අපි දෙකට නතර කරා. යම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සහ අපිත් එක්ක සාකච්ඡා කරලා දවල් දෙක වෙද්දි පාර්ලිමේන්තු වැඩ කටයුතු අවසන් කරලා party leaders එක කියලා මේ මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට හානියක් හෝ පහර දීමක් වෙයි කියලා හිතලා ඔබතුමා ඒ තීන්දුව ගත්තා හැබැයි අපි ගරු කථානායකතුමනි අපි දෙකට පටන් අරන් පහ පහමාරක් විතර වෙනකන් මේ රැස්වීම ගියා මම හිතන්නේ ඒක හොඳ සාකච්ඡාවක් මම දකිනවා එකේ ධනාත්මක තාවයක් පාර්ලිමේන්තුවේ කරන සාකච්ඡා වලට වැඩියෙන් හොඳ සාකච්ඡාවක් එතෙර වුනා කියලයි මම විශ්වාස කරන්නේ ගරු කතානායකතුමනි, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, අද එතුමා නැහැ. අනුර දිසානායක මහත්තයා එතුමා හිටියා නම් එතුමාගේ මුහුණට මම මේ ටික කියනවා. එතුමා ඒ රැස්වීමේ හරියට තුනක ගියා එතන හිටපු අපේ පස්සේ මන්ත්‍රීවරුන් සමහර අය අපි කතා කෙරුවා එතුමා ගියා එතුමා කිව්වා

අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපි සමහර මන්ත්‍රීවරු එක්ක කතා කෙරුවා එතුමා ගියා එතුමා කිව්වා ප්‍රසන්න රණතුංග අපේ ඇමති තුමා ෂාන් අපේ රාජ්‍ය ඇමති තුමා ඒ කරපු චෝදනාවත් කවදාවත් වෙන්නේ නැහැ අසූ තුනේ ඇතිවෙච්ච ප්‍රශ්නවලින් පක්ෂ තහනම් වෙලා 88/ 89 යන මේ වෙච්ච විනාශ නිසා මේ කිසි දෙයකටත් හවුල් වෙන්නේ නැහැ කියලා බොහොම අත දරුවෙක් වගේ තමයි කතා කෙරුවේ අත දරුවෙක් ගේ හිටපු ඔක්කොම නායකයො ටික දැක්කා එතුමා ඊට පස්සේ අපි දැක්කා හවස ප්‍රවෘත්ති වල එතුමා යනවා පිටිපස්සේ හා පැත්තෙ දොරෙන් ගේට්ටුවෙන් පාර්ලිමේන්තුවේ එතුමා ගිහිල්ලා කියනවා ගහන අයට ඔව් ඔව් ගහන්න ඕනි කියල ගහන්න ගහන්න කියලා ඊළඟට එතන ඉන්න හෙල්මට් දාගෙන ඉන්න කෙනෙක්ව පිටිපස්සෙන් නැගලා යනවා ඒ ඇතුල එකක් කියලා ට ඔබතුමාලා විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ඉන්න එක පිළිබඳව අපි සතුටු වෙනවා හරිනි අමරසූරිය වගේ කෙනෙක් ඇවිල්ලා ඉන්න එක ගැන අපි සතුටු වෙනවා අපි මෙතන ගහගන්න පුළුවන් බැනගන්න පුළුවන් උද්ඝෝෂණය කරන්න පුළුවන් හැබැයි මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය අපිව කවදාවත් මරන්න ඇවිල්ල නෑ අපි කවදාවත් මරන්න ගිහිනුත් නැහැ ඒ නිසා මම මතක් කරනවා ඔබතුමාගේ නායකයා අද කීයට හරි ඇවිල්ල මට උත්තර දෙන්න කොන්ද පණ නැහැ අද හැංගිලා ඉන්නේ ඊයෙ අහු වුන නිසා ඒක තමයි ඇත්ත ඒනිසා මම කියනවා

ඊට පස්සේ එතන හිටපු අය ඇහුවේ කෝ ජොනියා කියලා මම දැක්කා live එකෙන් .මමත් පාර්ලිමේන්තුව ඇතුලෙන් එලියට ගියා මම කියනවා ඔබතුමාලට ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළට ආපු එක ගැන අපි සතුටු වෙනවා. ඒකට අපි කවදාක්වත් අභියෝග කරන්නේ නැහැ .‍ ප්‍රජාතන්ත්‍රවාදය තිබුනොත් රටේ කාටවත් දේශපාලනය කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය වේවා මෙතන ඉන්න අනිත් පක්ෂ වේවා ඔවුන් උද්ඝෝෂණ ඇතිවෙන්න කරල තියෙනවා අපිත් කරලා තියෙනවා අපි ලංකාවේ ඉතිහාසයේ වැඩිම සෙනග ගෝල්ෆේස් එකට ගෙනාවා. ගලක්වත් ගහන් නැතුව තමයි අපි ගියේ .ඒ නිසා මං මතක් කරනවා ඔබතුමාලට. ගරු කථානායකතුමනි එක පැත්තකින් හදිසි නීතිය ගැන කතා කරනවා ඇඳිරි නීතිය ගැන කතා කරනවා. අපි කියනවා ඔබතුමාලට විජිත හේරත් මන්ත්‍රීතුමා මගේ හොඳ මිත්‍රයෙක්. මට එතුමත් එක්ක පුද්ගලික තරහක් නෑ. ප්‍රතිපත්තිත් එක්ක තියෙන ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. මම පලවෙනි වතාවට මේ කියන්නේ ඔබතුමාලා 88 /89 දී මගේ නිවසට වෙඩි උණ්ඩ 293 කින් වෙඩි තිබ්බා. ගිහිල්ලා පොලිස් වාර්තා අරන් බලන්න. මාව එදා ඝාතනය කරන්න ආවෙ. එදත් තමුන්නාන්සේලාට ඔළුවේ නැමුවේ නැහැ. අපි හිතුවේ මොන ආණ්ඩුව ආවත් එක රටක් එක නීතියක් තියෙන්න ඕනි කියලා. එදා රාජිත සේනාරත්න මන්ත්‍රීතමා ලත් ඒ සටන ඉදිරියෙ හිටියා. ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒ නිසා ඔබතුමාලට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ ඉන්න ඔබතුමාගේ නායකයා ඇවිල්ලා කිව්වා අපේ මිනිස්සුන්ට ඇවිල්ල ඉන්න වැඩියෙන් ඉන්නේ අපේ මිනිස්සු කියලා ඒ කියන්නේ අපේ මිනිස්සු ඇවිල්ලා අපේ මිනිස්සු බැහැල අපිට ගහනවා කියලා .ඒ නිසා මම කියන තමුන්නාන්සේලා කරුණාකරලා මේ ‍ප්‍රචණ්ඩත්වයට යන්න එපා. දැන් කියන්නේ ඊළඟ ජනාධිපතිතුමා ඔබතුමාගේ නායකයා කියලා නේ. එහෙම නේ කියන්නේ එහෙනම් ඇයි ප්‍රචණ්ඩත්වයට යන්නේ. අද බලන්න මේ මාසේ විතරක් මේ ආර්ථිකය ආපස්සට මොනතරම් ගියාද කියලා. අද විදේශිකයෝ රටට එන්නේ නැහැ. හැමදේම cancel වෙනවා. අද මම බැලුවා පත්තර තුනක් මව්බිම එකේ තියනවා එක දෙයක් ආර්ථිකය ගැන කතා කරලා නැහැ. තුනෙන් දෙක නැති වුණා. ඒවා තමයි අයිතිකාරයා කවුද කියලත් අපි දන්නවා. ඊළඟට අරුණ පත්තරේ. ඊළඟට දිවයින පත්තරේ. එකක්වත් නෑ මම විපක්ෂනායකතුමාගේ ඉල්ලීමක් කරනවා බොහොම ආදරෙන්. අපි දෙන්නා වාද කරල තියෙනවා. විවාද කරලා තියෙනවා .හැප්පිලා තියෙනවා .බැනගෙන තියෙනවා .පාර්ලිමේන්තු ඇතුල් අපි ගහගෙන තියෙනවා. මම ඔය දෙපැත්තම ඉදල තියෙනවා. මම ඉතාමත්ම ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ රට වැටෙන්න දෙන්න එපා .අද ඔබතුමාල ගෙනල්ලා තියෙනවා ගෝඨාභය go home කියලා. අපිට ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලට ඒ අයිතිය තියෙනවා. ඒ අයිතිය කාටත් තියෙනවා.

හැබැයි මේ මැර දේශපාලනය හෙළා දකින්න. මේ මැර දේශපාලනයට ඉඩ දෙන්න එපා. මේ කරන්න හදන්නේ විප්ලවයක්. මිනිස්සු මරලා අසූ අට අසූ නවයේ කොල්ලෝ කෙල්ලෝ හැටදාහක් විතර මැරුණේ තමුන්නාන්සේගේ නායකයෝ ගත්ත වැරදි ප්‍රතිපත්ති හින්ද කියලා අපි තමුන්නාන්සේට මතක් කරනවා .ඔබතුමා හිතනවද ඔබතුමාට බය වෙයි කියලා .අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා හදිසි නීතිය ගෙනල්ල ඇඳිරි නීතිය දාලා මේ රටේ යම් ඇතිවෙන්නේ ගිය ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් හැසිරෙන්නේ නැති උද්ඝෝෂණ තියනකොට ඒක ඇතුළට ගෙනල්ලා ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් හැසිරෙන්නේ නැති ක ඇතුලට ගෙනල්ලා ප්‍රචණ්ඩකාරිත්වය හදලා තමුන්නාන්සේලා අත දිග ඇරලා මම කියන්නේ තමුන්නාන්සේලා පක්ෂයට තවත් තියෙනවා කට්ටියක් ඒවා ඔක්කොම එළිවෙයි ජනාධිපතිතුමා හදිසි නීතිය ගෙනල්ල මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්ත එක යි ඒකයි අපි කියන්නේ ඇඳිරි නීතිය දැම්මා ඒවා අපි ඉවත් කර ගත්තා සුමන්දිරන් මන්ත්‍රීතුමාට තියනවා ලොකු ප්‍රශ්නයක් හදිසි නීතිය ගැන අවුරුදු ගණන් හදිසි නීතිය අපි දැක්කා වුරුදු තිහක යුද්ධයක් අපි දැක්කා අසූ තුනේ ඇතිවෙච්ච ප්‍රශ්නය නිසා අසූ අට අසූ නමයේදී මේ ආර්ථිකය මොනතරම් පස්සට ඇද ගෙන ගියාද? ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඊයේ කිවුවා එතුමා පිළිගන්නේ නැහැ කියලා මේ හැම ආණ්ඩුවක්ම වැඩ කරේ නැහැ කියලා. එතුමා කිව්වා වැඩ කරලා තියෙනවා කියලා හැම ආණ්ඩුවක්ම කියලා. ධනාත්මකව කතා කෙරුවා.

එතුමා යුද්ධය ගැන කතා කෙරුවා. ඒ නිසා අපි මතක් කරනවා මේ වෙලාවේ දී දැන් හදිසි නීතිය ජනාධිපතිතුමා ඉවත් කරලා තියෙනවා. දැන් සුමන්දිරන් මහත්තයා ඉල්ලනවා ඡන්දයක්. ඒ කියන්නේ ඔබතුමා ආපහු හදිසි නීතිය දාන්න කියලද කියන්නේ. ආයි දාන්න කියලද කියන්නේ. තුට්ටු දෙකේ දේශපාලනයට වැටෙන්න එපා. ඔබතුමන්ලා මතක තියාගන්න මේ රටේ ආර්ථිකය යුද්ධයකට ගිහිල්ලා අහිංසක දෙමළ තරුණයෝ මරපු එකේ තමුන්නාන්සේලාත් එකේ වගකීම ගන්න ඕනේ. ඒ වගේ කාලකන්නියෙක් වෙන්න එපා. ඒකයි අපි කියන්නේ අපි බය නැහැ. අපිට ගහනවා නම් අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. හැබැයි අපි කිව්වා මේ රටේ නීතියක් තියෙනවා. ඔයිට වැඩිය දේවල් වලට අපි මුහුණ දීලා තියෙනවා. අපි මේ රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනාට එකතුවෙන්න. ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. නීතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ඇතුළට එන්නත් ඕනෙ එළියට යන්නත් තියෙන්න ඕනේ. ඔක්කොම අයට මං මේ කතා කරන්නේ සියලු දෙනා ගැනම. ඒකට ඉඩදෙන්න ආරක්ෂාව තහවුරු කරන්න. ඊළඟට අපි කිව්වා අර යුද හමුදාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා මෝටර් සයිකල් වගයක් ගැන මම හමුදාපතිතුමාටත් කතා කෙරුවා. ඒකෙ නොම්බර නැති එක ගැන නොම්බර දෙක දෙපැත්තෙ ගහල තියෙනවා හමුදාපතිතුමා කිව්වා අද ඉඳන් ඉස්සරහත් නොම්බර ගහන්න කියලා විපක්ෂනායක තුමනි කොවිඩ් කාලේ ගියා හැම තැනම ඒ නිසා එහෙම කිසි දෙයක් වෙන්න දෙන්නෙ නැහැ හදිසි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සල මරලා නැහැ ඇදිරි නීතිය දැම්මා කියන මිනිස්සු මරලා නෑ. ගහල නැහැ වෙඩි තියලා නැහැ කිසිම වෙඩිල්ලක් තියන්නේ නැතුව කිසිම අහිංසක තරුණ ළමයි මේ ළමයි අහිංසක තරුණයා මේ අහිංසක විකෘති කරලා තමයි මේ අහිංසකයො මැරුනේ මේ රටේ මේ තරුණයෝ ආපහු නොමග යවන්න එපා ඔබතුමාලගේ ආදරෙන් ඉල්ලනවා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ඇතුලේ ඉන්න මේ විනාශය කරන්න එපා අපි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔබතුමා කියන්න මේ ආරක්ෂාව සලසා දෙන්න විදිහක් නැත්තං අපි කැමතියි අපිටත් සිද්ධ වෙනවා මේවට මුහුණ දෙන්න ඒ මුහුණ දෙන්න පුළුවන් හයිය දේශපාලනඥයො හැටියට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ඇතුලේ අපිට තියෙනවා කියලා අපි පැහැදිලිව කියනවා අපි රටේ ජනතාවට කියනවා මේ පනස්දාහක් හැත්තෑ පන්දහස් බැහැලා දෙකෝටි විසිලක්ෂයක ජනතාව විනාශ කරන්න හදන අයට විරුද්ධව නැගිටින්න කියලා. අපි ඒ සඳහා සටන් කරනවා කියලා ඔබතුමාට ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල අපේ විපක්ෂයේ සංවිධායකතුමාට මම මතක් කරනවා ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙනවා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ අපි මේකට මුහුණ දෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් සිදු කල ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබා දුන් පිළිතුර….

මම විජිත හේරත් මන්ත්‍රීතුමා මාත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. තමුන්නාන්සේලාගේ නායකතුමාත් ඔය විදිහට තමයි කතා කරේ. විපක්ෂ නායක තුමා ඇතුළු මේ ඔක්කොම අය එතන හිටියා. ඔබතුමා කිව්වා මම කතා කළේ අත දරුවෙක් වගේ කියලා. නමුත් ඔබ තුමන්ලාගේ නායකතුමාත් කතා කලේ අතදරුවෙක් , බිළිඳෙක් වගේ තමයි .

ඔබතුමා දැන් කියන්නේ හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය ව පිටිපස්සේ දොරෙන් එක්කන් ගියා කියලා. එයාලගේ ආරක්ෂාවට තමයි හෙල්මට් දාගෙන හිටියෙ. හෙල්මට් දාගෙන doublecab වලට නගිනවද . බොරුවක් කියන්න හරියට දැනගන්න. ගරු කතානායකතුමනි ඔබතුමා කිව්වා උද්ඝෝෂණ ප්‍රචණ්ඩත්වයෙන් තොර ව කරන්න ඉල්ලීමක් කරනවා කියල. මම.ඔබතුමාට පැහැදිලිව කියනවා මේ විපක්ෂය මං හිටපු පක්ෂයක්. මේ පක්ෂය කවදාවත් උද්ඝෝෂණ වලට ගහන්න කියලා නැහැ . ඒ ගැන ප්‍රේමදාස මහත්තයා හොඳටම දන්නවා. අපි එකට හිටපු අය..කවමදාවත් මිනී මරන්න, ගල් ගහන්න කවමදාවත් පොළඹවන්නේ නැහැ අපේ පක්ෂ . මහින්ද මහත්තයත් එක්ක අවුරුදු පහක සටනක් අපි කලා ඔබතුමාල හිටපු ආණ්ඩුවට එරෙහිව . මම ඔබතුමාලට කියන්න කැමතියි මේ රට ලේ විලක් කරන්න එපා කියලා .

මේ රටේ තරුණයන්ට මම කියන්න කැමතියි මේ රට ලේ විලක් කරන්න කටයුතු කරන්න තමයි හදන්නෙ කියල . ලේ බීපු , ලේවල ගඳ සුවඳ දන්න, මිනී මරපු මේ පට්ට හොරු ටික තමයි මේ අය. ගෙවල් වලට ගිහිල්ලා රත්තරන් ටික හොරා කාපු , මාල හොරා කාපු , මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට වෙඩි තියපු නායකයෝ තමයි මේගොල්ලෝ.

විජිත හේරත් මන්ත්‍රීතුමන්ලා ට හොඳට බොරු කියන්න පුළුවන් කියලා මේ රටේ ජනතාව දන්නවා. බොරු ගොතන්න පුළුවන් දක්ෂම අය තමයි මේගොල්ලෝ. අපි ජනතාවට කියනවා දැන් මේ ලේ වැගිරීමක් කරන්න තමයි හදන්නෙ කියලා. ගරු කතානායකතුමනි ඔබතුමා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න . පාර්ලිමේන්තුව වට කරන්න කියනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ කොහෙද . මෙයාගේ නායකයා ම කියනවා මේකට සටන් කරන්න කියලා. හැප්පෙන්න, ගහන්න කියලා එළිපිට කියනවා. මෙයාගේ ආරක්ෂාවට හෙල්මට් එක දාගෙන ගියා කියලා කියනවානේ දැන් . ඒක අලුත් ක්‍රමයක්. හෙල්මට් දාගෙන තමයි ඩබල් කැබ් එකේ යන්නේ. මෙයාලා මරු බඩු ටිකක්. ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්න. හෙල්මට් එක දාගෙන ගිය කෙනාව කොහේ ගිහිල්ල ද බැස්සුවේ. CCTV කැමරා බලන්න. ආරක්ෂක නිලධාරියා MSD නිලධාරියෙක් ද කියලා සොයා බලන්න. MSD නිලධාරි යෙකුට අමුතුවෙන් හෙල්මට් දාගෙන කළු ඇදගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි පොලිස්පති තුමා ගෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ ගැන සොයා බලන්න කියලා. අපි අද මෙතන ඉන්න පුළුවන් හෙට අපි මැරෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනා.

· අනුර කුමාර දිසානායක මහතා සිදු කල ප්‍රකාශයට පිලිතුරු ලබා දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු……..

ගරු කථානායකතුමනි අනුර දිසානායක මන්ත්‍රිතුමා මගෙත් එක්ක ගොඩක් හිතවත්. දේශපාලන ප්‍රතිපත්ති මොන පැත්තෙ තිබුණත් තුන වෙනකන් කියපු කතා ඔක්කොම ඇත්ත ඔබතුමා කිව්වනේ තුනට ගියේ රැස්වීමක් තිබුන ඒවා ඔක්කොම ඇත්ත තුනෙන් පස්සේ ගියේ ඒවා. ඔබතුමා මොන තරම් කිව්වත් මන්ත්‍රිතුමා, ජනතාව මාධ්‍යයෙන් මේක දැකලා තියනවා. මාධ්‍යයෙන් දකිනවා. ඔබතුමා හොඳයි ඔබතුමා කියනවා helmet දාගෙන මෝටර් සයිකල් තියෙන හමුදාවක් ඉන්නවා. ලාබෙට මැරෙන්න සූදානම් නැහැ කියලා. අපිට ඒව ගැටලුවක් නෙමේ. ඔබතුමාට අපි කියනවා ලාබෙට අපිත් මැරෙන්න සූදානම් නැහැ කියලා. ඔබතුමා කිව්වා මම දීර්ඝව කියන්නේ නෑ අපේ ජනාධිපතිතුමාට මේ අවස්ථාවේ පටන්ගත්ත වෙලේ ඉදන් පහර දෙන්න පටන් ගත්තා. ඔබතුමා කිව්වා 2015ට කලින් හිටපු ආරක්ෂක ලේකම්, අරවා මේවා කිව්වා. එයා කිව්වා මිනීමරපු අද ජනාධිපති වෙලා ඉන්නේ කියලා අද අපි කියනවා 1988 / 89 අපිට හොඳට මතකයි ගෙවල් වල මිනිස්සුන්ට ඇවිල්ලා අහිංසක අම්මලා තාත්තලා දරුවෝ දරුවන්ගේ ඔළු ගෙඩි වලට වෙඩි තියලා මරන්න නායකත්වය දුන්න අය තමයි අද ජනාධිපති අපේක්ෂකයා වෙන්න හදන්නේ මේ රටට නායකත්වය දෙන්න හදන්නේ අහිංසක මිනිසුන්ගේ ගිහිල්ලා මාල හොරකම් කරපු කරාබු හොරකම් කරපු රත්තරන් ටික හොරකම් කරපු බැංකු හරහා කාපු මේ රටට මහා විනාශයක් කරපු අය තමයි අද ජනාධිපති අපේක්ෂකය වෙලා තියෙන්නේ ඊළඟට අද තමුන්නාන්සේ එතන ඉන්නේ අපි මතක් කරනවා අපි මතක් කරනවා තමුන්නාන්සේ කියනවා මන්ත්‍රීවරු හොරු කියලා අරආ හොරා. මෙයා හොරා. නිදහස් වෙනවා කියලා. නීතිපති නිදහස් කරනවලු. අපිට නඩු දැම්මා තමුන්නාන්සේලාට මතක ඇති දඩයම් කොමිසම තමුන්නාන්සේට මතකද තමුන්නාන්සේ කරපු දේවල් ඒ පහුගිය අවුරුදු පහේ තමුන්නාන්සේලාට මතක් කරනවා තමන් සේලය දාපු නඩු වලට අපි මුහුණ දීලා ඒ නඩු වලින් අපි නිදහස් වුණා ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නිතිපති ව අරගෙන තමුන්නාන්සේලා දාපු බොරු නඩු තමුන්නාන්සෙ උදේ ඉදන් හවස නම් කියන්නේ බොරු මිනිස්සු රවට්ටන එක තරුණ රවට්ටන එක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එදා හැත්තෑ එකේ කැරැල්ල ආපුහාම ජේ ආර් ජයවර්ධන හිටගෙන කිව්වා මේකට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා ඒක මර්දනය කරන්න රට පාලනය කර ගන්න ්‍රේමදාස ජනාධිපතිතුමා ගේ කාලේ මේ රාජ්‍ය සේනාරත්න මැතිතුමා ලවා ගී දේශපාලනඥයෝ වගේ ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ල කිව්වා මේක පාලනය කරගන්න කියලා ද මම ඉල්ලන්නේ ප්‍රේමදාස මහත්තයගේ ඔබතුමාගේ මේ දිහා හොඳට බලන්න බතුමාලගේ ජනතාවත් ප්‍රයෝජනයට අරගනිමින් මේ යන්නේ ේ මහා මරණ සංඛ්‍යාවක් මේ රටට මේ රටේ ඇති කරන්න ඔබතුමා කියනවා ආණ්ඩුව තමයි ඇතිකරන්න හදන්නේ කියලා අපි බස් ගෙනාවලු අපි බස් ගෙනල්ල නෑ ඒ වගේම ඔබතුමාට අපි කියන්න කැමතියි ඔබතුමා මට කිව්වා පුලුවන්නම් ජනතාව 20 රහට ගිහිල්ලා කතා කරන්න කියලා ඔබතුමා ගියාට පස්සෙ තමයි මගේ නම කියල කිව්වෙ යෝනිය ගැන ඒ වීඩියෝ එකේ ලයිට් එකේ යනවා අනිත් පැත්තෙන් ඒකේ කියනවා ජොනීට ඉන්නේ කියලා ඒ නිසා අපි ඔබතුමාට මතක් කරනවා ඔබතුමා ගියායින් පස්සේ ලයිව් එක බලන්න ලයිව් එක ගහනවා ඔබතුමා බලන්නකෝ බතුමාට කියන්නේ මම පැහැදිලිව කියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් නෙමේ මේ රටේ ජනතාවට ආරක්ෂාව තිබිය යුතුයි කියලා අපි යුද්ධ දැක්කා කැරලි දැක්කා හැටදාහක් මේ රටේ මිනිස්සු මැරුණා අදටත් ඒ දෙමව්පියෝ දුකින් ඉන්නෙ තමුන්නාන්සේලාට කියන්නේ මේ තරුණ නොමග යවන්න එපා කියලා ඉස්සෙල්ලම කිව්ව අයාලේ යන ඒවාට අහුවෙන්න එපා කියලා මම ඔබතුමාට ගරු කරනවා ඒකට හැබැයි ඔබතුමා පාර්ලිමේන්තුවේ ගේට්ටුව ගාවදි දැනගත්තා ඔබතුමාගේ වාහනේ ඉස්සරහට පැනලා නතර කෙරුවා කියලා තමයි ඔබතුමා කියන්නේ ඔබතුමා දැනගෙන හිටියා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වටකරන් ඉන්න කියලා ඔබතුමාට මොකක්ද තිබුණේ thandi බතුමාට මේ මන්ත්‍රීවරු එකට ඉන්න මන්ත්‍රීවරු ඔබතුමා ඉන්න ඔක්කොමල හොරු කරලානේ තියෙන්නේ තමුන්නාන්සේ විතරයි තමුන්නාන්සේ පක්ෂ විතරයි හොරකම් කරලා නැත්තෙ ඔයා ලැයිස්තුව කියන්නේ ගියොත් කරපු විනාසේ මිනී මරපු හැටි කාටවත් අමතක වෙන්නේ නෑ අනුරාධපුරේ ජනතාව දන්නවා ඔබතුමා ගැන හොඳට ඒ නිසා ඔබතුමාටත් අපි කියන්නේ ඔබතුමා අපේ ජනාධිපතිතුමාටත් ඉතාමත්ම අසාධාරණ ලෙස තමුන්නාන්සේ ්‍රකාශ කළා නැත්නම් මං පුද්ගලිකත්වයට මම යන්නේ නැහැ ඒ නිසා ඔබතුමාට අපි මතක් කරනවා අපිත් ලෑස්තියි ඔබතුමා කියන වන ජනතාවට මේ ඔක්කොම 225න් එක්කෙනයි ඉන්නේ කියන්නේ ඔබතුමාගේ ඉන්න මන්ත්‍රීතුමිය හොරෙක් කරන්නේ කියන්නේ 224 මොකෝ උනේ ඔබතුමා විතරයි හොරෙක් නැත්තෙ කියලා තමුන්නාන්සේ මේ දෙන්න හදන්නේ මිනිස්සු අවුස්සන එක ඒ නිසා අපි ඔබතුමාට මතක් කරනවා අපිත් ලාබෙට මැරෙන්න සූදානම් නැහැ ඉපදෙන්නෙත් එක දවසයි මැරෙන්නෙත් එක දවසයි ඒ නිසා ඔබතුමාට කියනවා අපි මේකට මුහුණ දෙනවා අපි පැනලා යන්නේ නැහැ ඔබතුමාගේ පක්ෂයේ ද දේශ විමුක්ති පෙරමුණ එදා ඇවිල්ලා වෙඩි උණ්ඩ 273 අපේ ගෙදරට..

ගහන්න හරි ජොලියක් තියෙන්නෙ නේද ගස්සන්න ලැජ්ජ වෙන්න ඕනෙ මන්ත්‍රීතුමා ලැජ්ජ වෙන්න තමුන්නාන්සේ 6% 3% ට බස්සගත්තා තමුන්නාන්සේ මේ රටේ මහා ලොකු දියුණුවක් ගෙන හදනවා කියලා තමයි කතා කරන්නේ කතා පවත්වන්නෙ ලැජ්ජ වෙන්නේ මේකේ ඉන්න මන්ත්‍රීවරුන්ට ගස්සන්න හදනවා නම් තමුන්නාන්සේ අවුරුදු පහක් හිරගෙවල් වල හිරකරන් හදපු තමුන්නාන්සේ අපි කියනවා මේ තරම් පහත් තත්වෙට වැටෙන්න එපා අනුර දිසානායක මන්ත්‍රිතුමා පහත් තත්වෙට වැටෙන්න එපා මිනිස්සුන්ගේ පිළිගැනීමේ ඇතිකරගන්න ‍ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එන්න ඒ ව්‍යුහයේ ඉඳගෙන කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න එපා කියලා මම ඉතාමත්ම ගෞරවනීය මම ඔබතුමා කිව්වා පරීක්ෂණයක් කරන්න කියලා එතුම කිව්ව දෙසීයක් ආවා ඇවන්ගාඩ් ආවා ඔය කතන්දර අවුරුදු දහයක් තිස්සේ ඇහුවා අපි තමුන්නාන්සේලාගේ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙන් තමයි අවුරුදු පහක් ඇවන්ගාඩ් එකට ගිවිසුම් දීර්ඝ කරලා දුන්නේ තමුන්නාන්සේ හිටපු ගේ ආණ්ඩුවෙන් කථානායකතුමනි එතුමා කිව්වා පරීක්ෂණයක් කරන්න කියලා පරීක්ෂණ කරන්න සීසීටීවී කැමරා බලන්න ටික බලන්න බලලා මම කියන්නේ සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි නැත්නම් ඒක අයාලේ ගියොත් මහා විනාශයක් වෙන්නෙ අපි බය වෙන්නෙත් නැහැ අපි මේකට මුහුණ දෙනවා කියලා අපි ඉතාමත්ම වගකීමෙන් කියනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here