විමල් ඩලස් මහින්දානන්ද හා ප්‍රකට ව්‍යාපාරිකයා විසින් ගහපු ගේම වරදී

0

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගෙන අන්තර්වාර පාලනයට යෑමට ගත් උත්සාහය ව්‍යාර්ත වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ප්‍රකට ව්‍යාපාරිකයෙක් හා එක්ව ඩලස් වැනි රූකඩ අග්‍රාමාත්‍ය කෙනෙකු පත්කර ගැනීම සදහා විමල් වීරවංශ ඊයේ දිනයේදී පසුපෙල මන්ත්‍රීවරු 10ක් සමග සාකච්ඡා කර ඇත.මේ මන්ත්‍රීවරු පසුගියදා ජනාධිපතිවරයාට ලිපියක් පවා යොමු කර තිබිණි.විමල් වීරවංශ හා ප්‍රකට ව්‍යාපාරිකයා විසින් මෙම මන්ත්‍රීවරුන්ට ස්වාධීන වන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබිණි.

ඔවුන් විමල්ට පවසා ඇත්තේ පසුගිය කාලයේම 113 ක් ඇති බවට ප්‍රකාශ කලත් තවම 113 පෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවයි.තවද උදය ගම්මන්පිල තැන තැන 113 ඇති බවට ප්‍රකාශ නිකුත් කරමින් කරන්නේ මාධ්‍ය සංදර්ශන පැවත්වීම පමණක් බවත් එම පසුපෙල මන්ත්‍රීවරුන් විමල්ට ප්‍රකාශ කර ඇත.මීට ප්‍රථමද අප්‍රේල් මුල් සතියේදීම ආණ්ඩුවේ 113 නැති කරන බවට පුරසාරම් දෙඩුවත් තවම මන්ත්‍රීවරු සොයා ගන්න බැරිව කයිවාරු ගසන බවත් මෙහිදී එම මන්ත්‍රීවරු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

තවද මේ මොහොතේ මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට සහයෝගය නොදෙන බවත් එම මන්ත්‍රීවරු පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here