මහබැංකු අධිපති ගැන අගමැති ජනපතිගෙන් කළ ඉල්ලීම.

0

මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය මෙම මස අගදී අවසන් වීමට නියමිතය. දිනේෂ් වීරක්කොඩි අගමැතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරයා මෙන්ම කලක් බැංකුවල සභාපතිවරයකු ලෙසද කටයුතු කර තිබේ. නන්දලාල් වීරසිංහ මහතා සහ අගමැතිවරයා අතර මත ගැටුමක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඇමැති විෂය පතයන් ගැසට් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව ගැසට් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයටය.

දිනේෂ් වීරක්කොඩි යනු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් වන හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ බෑණනුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here