වන විනාශයක් වෙනව කියල අපි කියන්නෙ සමාජ ජාල වල යන ඒව නිසා – හරීන් ප්‍රනාන්දු.

0

ප්‍රශ්නය -විපක්ෂය කියනවා. මේ ආණ්ඩුව දැවැන්ත පරිසර විනාශයක් කරනවා කියලා. ආණ්ඩුව එකහෙලාම ඒක ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුව ද බොරු කියන්නේ? විපක්ෂය ද බොරු කියන්නේ?

පිළිතුර – ඒක ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව තේරුම් ගනී. අපට මාධ්‍ය සහයෝගයක් නෑ. අපට රුපවාහිනි නාළිකා නැතිව අපේ මතය සමාජගත කරන්න හරිම අමාරුයි. අපි ඇත්තටම සාර්ථක විපක්ෂයක්. ලංකාවේ විතරක් නොවෙයි මුළු ලෝකයේම සාර්ථක විපක්ෂය අපි.වන වි නා ශ ය වගේම දේශපාලනඥයන් රජයේ නිලධාරීන්ට කරන විවිධ බලපෑම් සමාජ මාධ්‍ය ජාලාවල බොහොම පැහැදිලිව පේන්න තියෙනවා.

ඒ සමාජ මාධ්‍ය ජාලා තියෙන නිසා තමයි ආණ්ඩුවේ හැම ව්‍යාජ වැඩක්ම, වංචාක්ම සමාජයට කාන්දු වෙන්නේ. සිංහරාජය ද වෙනත් ස්ථානයක්? කියන එක නොවෙයි. මහා වන වි නා ශ ය ක් වෙනවා. දේශපාලන රැකවරණය, ආශිර්වාදය ඒකට ලැබෙනවා. පොලිසියත් අද දේශපාලනීකරණය වෙලා. නමුත් ජනතාවට හංගන්න බෑ.

ප්‍රශ්නය -ඇයි? විපක්ෂයට බැරි ‘‘මෙන්න මෙතැන වන වි නා.ශයක් වෙනවා’’ කියලා නිශ්චිතවම තැනක් පෙන්වන්න?

පිළිතුර – මේ වන වි නා.ශ ය වෙනවා කියන එක අපි කියපු කතාවක් නොවෙයි. මේ චෝදනාව ආවේ ඒ පිළිබඳ තමන්ගේම අත්දැකිම් තියෙන ජනතාවගෙන්. ඒ ජනතාවගේ සටන රටට ඇත්තටම ආදරය කරන ඒ ජනතාවගේ සටනට.අපි උපරිම සහයෝගය දෙනවා.සමගි ජන බලවේගය පක්ෂයක් හැටියට අපි හරිත පක්ෂයක් හැටියට කටයුතු කරන්න අපි තීරණය කරලා තියෙනවා. වන වි නා.ශ ය නොකරන බවට අපි ජනතාවට ස්ථිරසාර පොරොන්දුවක් දීලා තියෙනවා. ඒක පොරොන්දුවක් විතරක් නොවෙයි. ඇත්ත සජීවී ක්‍රියා මාර්ගයක්.ලෝක පරිසර සංවිධානයත් සමග එකතු වෙලා අපි දැනටමත් කටයුතු කරනවා.

ප්‍රශ්නය – කොළඹ දී පාරවල් හදන්න කියලා උද්ඝෝෂණ කරන අය ගමට ගිහින් පාරක් හදන කොට මෙන්න කැලෑ කපනවා කියලා උද්ඝෝෂණය කරනවා.

පිළිතුර – කොළඹ පාරවල් හදන එකවත් ගමේ පාරවල් හදන එකවත් නොවෙයි මෙතැන ප්‍රශ්නය තියෙන්නේ. ඒ මුවාවෙන් කරන මහා අකටයුත්තුකම් ගැනයි අපි මේ කතා කරන්නේ.

මේ ආණ්ඩුව බුදුසරණයි. දෙවි පිහිටයි කියලා බෝඩ් ගහගෙන ඒ ලොරියෙන් තමයි ගවයින් ප්‍රවාහනය කරන්නේ. ඔබ කියන්නේ දේශපාලන හයිය අරගෙන කොතැනකවත් ගස් කපන්නේ නෑ කියලද? මේ රටේ තරුණ පරපුර ඉතාම බුද්ධිමත්. ඔවුන් දේශපාලන වහල්ලු නොවෙයි. ඔවුන් වෙනදටත් වඩා රට ගැන පරිසරය ගැන වගේම තමන්ගේ අයිතිවාසිකම් ගැන හිතනවා. ඒකම තමයි මේ ආණ්ඩුවට දැඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

( සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ ඉරිදා ලංකාදීපය කල සාකච්ඡාවක් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here