තම දරුවන්ට වන්දි නොගෙවා අධිකරණය මඟහැර සිටි ගයාන් අධිකරණයට..අවුරුදු පහක් වන්දි දීල නෑ

0

පසු­ගිය 2016 වසරේ සිට පුරා වසර හයක් මුළුල්ලේ තම පිරිමි දරු­වන් දෙදෙ­නාට නඩත්තු මුදල් නොගෙවා අධි­ක­ර­ණය මග­හැර සිටි සුප්‍ර­කට ටෙලි­නාට්‍ය නළු ගයාන් ප්‍රසාද් වික්‍ර­ම­ති­ලක පසු­ගිය 31වනදා කඩ­වත මහර අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­මින් තම පුතුන් දෙදෙ­නාට ගෙවී­මට ඇති ලක්ෂ විස්ස­කට අධික වන්දි මුද­ලින් රුපි­යල් 30,000ක්වූ එක් මාසික ගෙවී­මක් අධි­ක­ර­ණය ඉදි­රි­යේදී ලබා­දෙ­මින් මින් පසුව අඛ­ණ්ඩව ගෙවීම් සිදු­ක­රන බව පැව­සීය .

වයස අවු­රුදු 11/12 වයස් කාණ්ඩ­වල පසු­වන පිරිමි දරු­වන් දෙදෙනා පාසල් අධ්‍යා­ප­නය ලබන බවත් රැකි­යා­වක් නොක­රන බැවින් දරු­වන් දෙදෙ­නෙකු නඩත්තු කර­මින් අධ්‍යා­ප­නය ලබා­දීම තමාට කළ නොහැකි බවත් පව­ස­මින් පසු­ගිය 2012 වස­රේදී අග භාග­යේදී දරු­වන්ගේ මව විසින් මහර අධි­ක­ර­ණය ඉදි­රියේ මෙම නඩුව ගොනු­කර තිබිණි.

අග­ති­යට පත් පාර්ශ­වය වෙනු­වෙන් අධි­ක­ර­ණය ඉදි­රියේ කරුණු දැක්වූ නීති‍ඥ සුද­ර්ශන වික්‍ර­ම­රත්න මහතා වසර හය­කට පසුව විත්ති­කරු මෙලෙස එක් මස­කට ගෙවිය යුතු රුපි­යල් 30,000ක මුදල් ගෙවීම් සිදු­කළ නමුත් වසර හය­කට ආසන්න කාල­යක හිග මුදල් ගෙවී­මට ඇති බවත් 2013 වස­රේදී පූර්ව­ගාමී විනි­සුරු වර­යෙකු විසින් එක්ද­රු­වෙකු වෙනු­වෙන් නියම කළ රුපි­යල් 15,000ක මුදල වර්ත­මා­නයේ පව­තින ජීවන විය­දම ඉහළ යෑමත් සමග ප්‍රමා­ණ­වත් නොවන බවත් අධි­ක­ර­ණ­යට කරුණු පැහැ­දිලි කළේය.

2013 වසරේ සිට 2016 දක්වා අඛ­ණ්ඩව නඩත්තු මුදල් ගෙවා ඇති අතර 2016 සිට 2021 දක්වා මුදල් ගෙවීම නොකර ඇති බැවින් හිග මුදල් පිළි­බඳ ගරු­වි­නි­සුරු තුමාගේ අව­ධා­නය යොමු­ ක­රන මෙන් නීතීඥ සුද­ර්ශන වික්‍ර­ම­රත්න මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

කරුණු සැල­කි­ල්ලට ගත් මහර අංක 1 අධි­ක­ර­ණ­යේ­ වැඩ බලන මහේ­ස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හිඟ මුදල් සම්බ­න්ධව රෙජි­ස්ට්‍රාර් වාර්තා­වක් කැඳ­වන ලෙස නියෝග කළ අතර ගෙවන මුදල වැඩි කිරීම සම්බ­න්ධව ඉදිරි නඩු­වා­ර­ය­කදී සලකා බලන බවත් පැවසීය. මහේ­ස්ත්‍රාත් වරයා මෙම නඩුව අප්‍රේල් මස 28 වනදා යළි කැද­වී­මට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here