හාල් කිලෝ තුනක් සති දෙකකට ඇති කියල මන් කිව්වෙ නෑ.( වීඩියෝ දෙකම )

0

එක් පවුලකට සති දෙකක් සඳහා හාල් කිලෝ තුනක් ප්‍රමාණවත් යැයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී තුෂාර ඉන්දුල් මහතා ප්‍රශ්න කර සිටියා.

නමුත් එයට පිළිතුරු ලබාදෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

තමන් එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් වහාම එය සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙසත් නිකරුනේ චෝදනා එල්ල නොකර ලෙසත් අමාත්‍යවරයා මංත්‍රී තුෂාර ඉදුනිල් මහතාගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක් පවුලකට හාල් කිලෝ තුනක් සති දෙකක් සඳහා ප්‍රමාණවත් බවට කළ ප්‍රකාශයක් සමාජ ජාල තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පැවතුනා.

එම වීඩියෝ දෙකම පහළින්,

පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය තමන් සිදු කර නොමැති බවට කළ ප්‍රකාශය.

https://www.facebook.com/watch/?v=811716516364850

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here