නාඩගම්කාරයෝ නාට්‍යයේ කරන්නෙත් මම කියපු දේමයි..අරුන්දික නාඩගම්කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනෙයි

0

තම බල ප්‍රදේශයේ නීතිවිරෝධීව කුඩා පරිමාණයෙන් පෙරන ජනතාව ඉන් මුදාගෙන දෑතේ රැකියාවක් සඳහා යොමු කිරීමට තමන් කල ප්‍රකාශය වැරදි ලෙස අර්ථ ගන්වමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කරනවා.මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ද සිදුවන්නේ එවැනි ක්‍රියාවක් බවත් ඔහු පවසා සිටියා.

වෙන්නප්පුව ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ ස්ථාන මාරුව පිළිබඳව විපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ හෙක්ටර් අප්පුහාමි යන මංත්‍රීවරුන් ඉදිරිපත් කර තිබූ ප්‍රකාශ වලට පිළිතුරු ලෙස අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

වෙන්නප්පුව භාරව සිටි පොලිස් අධිකාරී එරික් පෙරේරා එම ප්‍රදේශයෙන් ඉවත් කර මීගමුව ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබා දීම සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේ පසුගිය දිනවල දැඩි කතා බහට ලක්විය.

එමෙන්ම දංකොටුව ප්‍රදේශයේ සංවර්ධන කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා අතර ඇතිවූ සංවාදයක් සමාජ ජාල හරහා බොහෝ සේ ප්‍රචාරය වී තිබිණි.

එමෙන්ම සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ස්ථාන මාරුව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුවූවක් බවත්,ඔහු විසින් පොලීසිය භාර අමාත්‍ය සරත් වීරසේකරට එරික් පෙරේරා සම්බන්ධයෙන් ලිපියක් යවා ඇති බවත් සඳහන් විය.එම ලිපියද පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here