රන්ජෝ උඹ පව්..උබගෙ මන්ත්‍රීදූර සටන පහුවදාම අවසන්,උඹ අකුනු වදිද්දි එලියට දාපු යකඩයක් බන් උන්ට..රන්ජන්ගේ මස්සිනා කියපු සැර කතාව

0

රන්ජන රාමණායක මහතා සිරගත කිරීම හේතුවෙන් මේවනවිට ඔහුගේ පාර්ලිමේන්තු මංත්‍රීදූරයත් ඔහුට අහිමි වී අවසන්‍ ය.ඒ සඳහා රන්ජන්ගේ පක්ෂය වන සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ රන්ජන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි රටට පෙනී සිටියද මංත්‍රීදූරය අහිමි කර පැය 24 යන්මටත් මත්තෙන් එම පුරප්පාඩුව පිරවීමට කටයුතු කළේය.

රන්ජන් වෙනුවෙන් ලැයිස්තුවේ ඊළඟට සිටි අජිත් මාන්නපෙරුම මහතා දැන් රන්ජන්ගේ පාර්ලිමේන්තුවේ අඩුව පුරවා ඇත.ඔහු පවසා සිටියේ කණගාටුවෙන් මංත්‍රී දූරයේ දිවුරුම් දෙන බවය.

කෙසේවෙතත් වෙතත් රන්ජන් රාමණායක මහතාගේ මංත්‍රීදූරය වෙනුවෙන් හඬ නගන,පෙනී සිටිනවායැයි රටට කියන විපක්ෂනායක ඇතුලු සමගි ජන බලවේගය රන්ජන්ගේ මංත්‍රී පුරප්පාඩු පැය 24 යන්නට මත්තෙන් පිරවීම මේ වනවිට රටෙස් රන්ජන්ට හිතැති බොහෝ දෙනෙකුගේ දෝෂදර්ශනයට ලක්වී ඇත.බොහෝ දෙනා පවසන්නේ ඔවුන් රන්ජන් වෙනුවෙන් සලන්නේ කිඹුල් කඳුලු බවය.ඔවුන් ඇත්තටම රන්ජන් වෙනුවෙන් පෙනී සිටින්නේනම් කඩිමුඩියේ එම මංත්‍රී පුරප්පාඩුව පුරවන්නේ නැත.එසේ කලා කියා කිසි ප්‍රශ්නයක් ද නැත.එක්සත් ජාතික පක්ෂයද තමන්ට ලැබුණු මංත්‍රීදූරය තවමත් පුරවා නැත.

මේ ක්‍රියාව පිළිබඳව රන්ජන් සමඟ ලඟින්ම සිටි රන්ජන්ගේ මස්සිනා තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබේ.

” රන්ජන් උබ පව්,උබ අකුණු වදිනවට එළියට දාපු යකඩයක් ” මේ ආදී වශයෙන් රන්ජන්ගේ මස්සිනා තැබූ සටහන් කිහිපයක් පහතින්,

ජනතාවගෙන් උඹට ලැබුන සීමා රහිත ආදරය හැර උන්ට ගන්න පුලුවන් සියලුම දේ උන් උඹගෙන් අයින් කරමින් යනව,කවුරුත් දන්නේ නැති වුනාට ඒ තිබුනටත් වඩා දේවල් එක්ක උඹට ඔතනින් එලියට එන්නත් පහුගිය ටිකේ ඉතාම ලේසියෙන් පුලුවන් කම තිබුන බව දන්නෙත් ඉතාම සුවල්පදෙනයි.. උඹගෙන් ඒ ගැන ඇහුවම උඹ කිව්වේ,කමක් නැහැ මචන් බත් කාපු කටින් 🤮 කන්න බැහැ,එහෙම එලියට ඇවිල්ල මට ආදරය කරන මිනිස්සුන්ගේ මූන බලන්න මට බැහැ මචන් කියලයි…මේක අස්සේ ඉන්න එක මට හරි අමාරුයි මචන්,ඒ උනාට අර විදියට එලියට ඇවිල්ල මගේ ජීවිතේ මම මැරෙනකන්ම ජීවත්වෙන්න වෙන්නේ ප්‍ර්තිපත්ති පාවාදුන්න එකෙක් වගේ, ඒක මීටත් වඩා අමාරු වෙයි කියලයි උඹ කිව්වේ,අන්තිමට කිව්වෙත් කොච්චර අමාරූඋනත් මම කාගන ඉන්නම් බන්,මුන්ට මාව හැමදාම මේක අස්සේ තියාගන ඉන්න හම්බවෙන්නේ නැහැනේ කියලයි… උඹගේ එකම එක ok එකකින් එලියට එන්න පුලුවන් කම තියෙද්දිත්,උඹ අදත් ඇතුලේ දුක් විදින එක ගැන මට දුකයි,උඹ තමන්ගේ නිදහස වෙනුවෙන් ප්‍ර්තිපත්ති පාවා දෙන්නේ නැතුව, මම ඉතුරු ටිකත් අමාරුවෙන් හරි මෙහෙම කාගන ඉන්නම් කියල කියන්න තරම් නිර්භීත තීරනයක් ගත්ත එක ගැන ඇත්තටම ලොකු ආඩම්බරයක් හිතෙනව..මිනිස්සු එදාටත් වඩා උඹට ආදරෙයි මචන්..උඹ ඉන්නම් කිව්ව වගේ කාගන හිටපන් මචන්.උඹ කවදාහරි එලියට එන්නේ ජනතාවගේ වීරයෙක් හැටියටයි..👍👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here