මම පළාත් සභා ජන්දෙට එනව..මට ඕන රජෙක් වගේ ඉන්න (VIDEO)

0

විවාහක රූ රැජිණ තරඟයත් සමඟ සමාජයේ යළි කතා බහට ලක්වූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඉදිරියේ දී දේශපාලනයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසනවා.

රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද, තමන්ට මෙම වෘත්තියට පැමිණීමට ඇය උදව් කළ බවත් ඇය තමන්ගේ දෙවැනි අම්මා වගේ බවත් ඔහු පවසයි.

ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

මට ඕනේ රජෙක් වගේ ඉන්න. ඒකට මට ඇති වෙන විදිහේ ගෙයක් හදනවා. ඒක මගේ සිහිනයක්’ යයිද ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.

මුදල් කොපමණ තිබුණත් ජනප්‍රිය වීමට නොහැකි බවත් ඒ සඳහා වාසනාවත් අවශ්‍ය බවත් ඔහු සඳහන් කර සිටිනවා.තමා වසර ගණනාවක් ක්ෂේත්‍රයේ රැදී සිටියද ජනප්‍රිය වූයේ රෝයල් පාටියෙන් පසුව බවද චන්දිමාල් ජයසිංහ මෙහිදී පවසා සිටිනවා.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here