අධිවේගයේ අනාරක්‍ෂිත ගමනක් ගිය තරුණයන් හඳුනා ගනී.

0

දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අධික වේගයෙන් මෝටර් රථයක් ධාවනය කරමින් ඉතා අනාරක්‍ෂිත ලෙස ගමන් කළ තරුණයන් සිව්දෙනකු ගමන් ගත් වීඩියෝවක් සමාජජාල තුළ වේගයෙන් සංසරණය වීමත් සමඟ එම තරුණයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම තරුණයන් සිව්දෙනා මෝටර් රථයේ වීදුරු විවෘත කර ඉන් පිටතට සිරුරු දමාගෙන ඡයාරූප ගනිමින් ගොස් ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

තරුණයන් මෝටර් රථයෙන් පිටතට සිරුරු දමාගෙන ගමන් කරන ආකාරය සහිත ඡුායාරූප සිය මුහුණ පොත්වලට ඇතුළත් කර තිබී ඇත.

පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ එම මුහුණු පොත් හරහා ලැබුණු ඡුායාරූප ඔස්සේය.

සැකකරුවන් සිව්දෙනා මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඔවුන් කඩවත සිට ගාල්ල බලා දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා අධික වේගයෙන් ධාවනය කර ඇති බවද අනාවරණය කරගෙන ඇත.

සැකකාර තරුණයන් සිව්දෙනාට අද (12 දා) දින පෑලියගොඩ පිහිටි අධිවේගී මාර්ග පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවද පොලිසිය පවසයි.

අධිවේගී මාර්ගයේ පොලිස් අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here