සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් රැකියාවෙන් පස්සෙ ගියෙ ෆොන්ටේරා එකට..සිද්ධිකා නොකී ලැයිස්තුව මෙන්න.

0

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ​සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ ප්‍රමිති ආයතන ප්‍රධානීන්ගේ වත්කම් සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි.

මෙම ආයතන වල ප්‍රධානීන් තම රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ඊළඟට සේවය කිරීමට යන්නේ තමන් උදව් කළ පෞද්ගලික ආයතන වලට බවද ඔහු කියා සිටී.උදාහරණයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් රැකියාවෙන් විශ්‍රාම ලබා ෆොන්ටේරා ආයතනයට රැකියාව සදහා ගිය බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසනවා.

මෙරට වෙළඳ පොළේ ඇති කිරිපිටි වල පාම් තෙල් ඇති බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ප්‍රමිති ආයතනය විසින් හෙළි නොකරන ලද විෂ සහිත ආහාර ලැයිස්තුවක්ද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.එමෙන්ම ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මියට තනතුරට අදාළව සුදුසුකම් තිබේද යන්න සැකයක් ඇතිවී ඇති බවත්,ඒ පිළිබඳව පරික්ෂණයක් කිරීමට ඉල්ලා ඇති බවත් වෛද්‍යවරයා පවසනවා.

නිතර දෙවේලේ දැන්වීම් ප්‍රචාරය කරමින් ශක්තිමත් ආහාරයක් ලෙස හදුන්වාදෙන මෝල්ට් පානයන් තුළ ඇත්තේ ෆාම් ඔයිල් බවද මෙහිදී හෙළිදරව් කර සිටිනවා.

මෙම ඇෆ්ලටොක්සින් කතාව අද ඊයේ ඇතිවූ සිද්දියක් නොවන බවත් වසර ගණනාවක සිට මෙවැනි විස ද්‍රව්‍ය අඩංගු මුදල් පමණක් ඉල්ලක කරගත් සමාඟම් සහ නිළධාරීන් එක්ව පාරිභෝගිකයින්ට කැවීමට කටයුතු කර ඇති බවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසා සිටිනවා.එමෙන්ම මේ ක්‍රියාවලියට ඇතැම් දේශපාලඥයින්ගේ උදව් උපකාර ලැබෙන බවත්,එම දේශපාලඥයින්ගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා මෙම සමාඟම් මුදල් වියදම් කරන බවත් මෙහිදී ඔහු සඳහන් කර සිටිනවා.

සිංගප්පූරුව,මැලේසියාව වැනි රටවල පාරිභෝජනය කර ඉවතලන තෙල් මෙරටට ආනයනය කර ක්ලෝරින් දමා පිරිසිදු කරන බවත්,ඇතැම් සංයෝය දමා එම තෙල්වලට සුවද ලබා දී වෙළද පොලට ඉදිරිපත් කරන බවත් වෛද්‍යවරයා පවසනවා.රෙඩ් ඔයිල් නැමැති පිටරටවල ඇති කර්මාන්ත වල කානුතුලින් ගලායන තෙල්ද ඇතැම් දූ ෂිත සමාඟම් මෙරටට ගෙන්වාගෙන පිරිසිදු කරන වෙළදපොළට නිකුත් කරන බවත් වැඩි දුරටත් ඔහු පවසා සිටිනවා.

එම රෙඩ් ඔයිල් භාවිතා කරනුයේ උළු වල පාට ගෑමට බවත් සමාඟම් නිළධාරීන් හා එක්ව එම විස අධික තෙල් මහජනතාවට විකිනීම හේතුවෙන් දිනෙන් දින විශාල වශයෙන් ජනතාව රෝගී වන බවත්,බොහෝ පිරිසකට ඒ හරහා ඉක්මනින් ජීවිතය අහිමිවන බවත් රජයේ වෛද නිළධාරීන්ගේ සංඟමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here