ප්‍රධන මාධ්‍යවල පවා ගිය වරකාපොල හදුන්කූරු විකුණූ ගැබිණියගේ බොරු හෙළිවෙයි.

0

2021 .04.12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට ලෙස අහින්සක මිනිසුන්ගේ අනුකම්පාව දිනාගෙන මුදල් සහ අනෙකුත් දේවල් ලබාගෙන ක්‍රියාකරන තැනැත්තියක් බවට හෙළි වී ඇත.

ඒ අද උදෑසන අප විසින් එම කාන්තාව සොයාගෙන ගොස් උදව් කිරීමට යෑමේදී ඇති වූ සැකය මත විමසිලිමත්ව ක්‍රියා කල අවස්ථාවේදීය.

මැය තමන් ජීවත්වෙන ස්ථානය වරකාපොල පොල අසල යැයි මුලින්ම පවසා සිටියත් අද උදෑස අපට පවසා සිටියේ අඹේපුස්ස – කුරුණෑගල පාරේ ශෙඩ් එකක් අසල කුලියට ජීවත් වෙන බවයි.

එහෙත් දිගින් දිගටම ඇය ස්ටින ස්ථානයට අප ඒමට ඇය අකමැති වූ අතර ඇය වරකාපොල නගරයට එන බවත් එහිදීඉ ආධාර කරන ලෙසටයි ඇය පවසා සිටියේ. එහෙත් අප විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇය සිටින ස්ථානය සොයාගත් අතර එම ස්ථානය වූයේ තුල්හිරිය ප්‍රදේශයේ ලැඟුම්හලකි.
එහිදී අප විසින් හෙළි කරගත්තේ එම ගැබිණි මව තනිව නොව

සංවිධානාත්මක ක ල්ලියක් සමග මාතර ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර මෙම ක ල්ලිය නැවතී සිට මෙම කූට ක්‍රියාව සිදු කර ඇති බවට වාර්තාවනවා.

කෙසේ වෙතත් අප මෙම කරුණු සොයා ගනිද්දිත් ඊයේ සිට ෆේස්බුක් සටහන් වලට ප්‍රතිචාර ලෙසට බොහෝ පිරිසක් මෙම ගැබිණි මවට ආධාර කර තිබෙන බව අපට ඡායාරූප එවා සනාථ කර සිටියේය.

කෙසේ වෙතත් මෙවැනි  අයට  උදව් කිරීමට යෑමේදී ඔවුන් සිටින ස්ථාන සහ ඔවුන්ගේ අසල්වැසියන්ගෙන්, අදාල ප්‍රදේශය භාර පොලිස් ස්ථානයෙන්,  ග්‍රාම සේවක මහත්වරුන්ගෙන් ඒ පිළිබඳව සොයාබලා ආධාර උපකාර කරන ලෙසටයි.

එමෙන්ම මෙවැනි සංවිධානාත්මක කල්ලි වල කූට ක්‍රියාවන්ට හසු නොවන ලෙස දන්වා සිටිමු..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here