බංග්ලාදේශය සමඟ තරඟයට ශී‍්‍ර ලංකා සංචිතය නම් කරයි..වෙනස්කම් රැසක්.

0

වමතින් පා දඟ පන්දු යවන කී‍්‍රඩක ප‍්‍රවීන් ජයවික‍්‍රම ශී‍්‍ර ලංකා සංචිතය සඳහා කැඳවමින් බංගලිදේශයට එරෙ හි ටෙස්ට් තරග දෙකට අදාළ ශී‍්‍ර ලංකා සංචිතය නම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කී‍්‍රඩකයන් 18 දෙනකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් දරනු ලබන අතර කොදෙව් සංචාරයේදී පෞද්ගලික හේතුවක් මත අතරමග දී තරගාවලියෙන් ඉවත් වූ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක ඇන්ජලෝ මැතිව්ස් ද මෙම ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවසාන ටෙස්ට් තරගයේදී පන්දුවක් රැකීමට ගොස් ආබාධයට ලක් වූ පා දඟ පන්දු යන කී‍්‍රඩක ලසිත් ඇඹුල්දෙනියට සති 6 ක් යනතුරු කී‍්‍රඩා කිරීමට නොහැකි වීම මත ප‍්‍රවීන් ජයවික‍්‍රම නව පා දඟ පාන්දු යවන්නා ලෙස සංචිතයට එක්කර ඇත.

ඇඹුල්දෙනියගේ අඩුව පිරිමැසීම සඳහා ඊළඟට සුදුස්සා ලෙස සිටි දුවිඳු තිලකරත්න ආ බා ධ ය ට ලක්වීම නිසාත් ඊට පසු සුදුස්සාව සිටි ප‍්‍රභාත් ජයසූරිය ද සෞඛ්‍යමය තත්ත්වයක් මත සංචිතයට නුසුදුසු වීම නිසා ප‍්‍රවීන් ජයවික‍්‍රමට මෙම අවස්ථාවට හිමි වී ඇත.

මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ ආදී ශිෂ්‍යයකු වන 22 හැවිරිදි ප‍්‍රවීන් ජයවික‍්‍රම අවුරුදු 19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති අතර පළමු පෙළ කි‍්‍රකට් තරග 10 ක් පමණ කී‍්‍රඩාකර ඇත.

කොදෙව් සංචාරයේ සීමිත පන්දුවාර තරගවලදී ආ බා ධයකට ලක්ව ටෙස්ට් තරග සඳහා කී‍්‍රඩා නොකළ වනිදු හසරංග යළි සංචිතයට කැඳවා ඇති අතර තුන් ඉරියව් කී‍්‍රඩකයන් වන රමේෂ් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දඟපන්දු යවන්නන්ගේ සහායට සිටිති. කොදෙව් සංචිතයට ද නම් නොකළ කුසල් මෙන්ඩිස්ට මෙම සංචිතයේ ද අවස්ථාව අහිමිව ඇත.

පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ඕෂධ ප‍්‍රනාන්දු, රොෂෙන් සිල්වා, පැතුම් නිශ්ශංක සංචිතයේ සිටිති.

කොදෙව් දේශයේදී සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ පැතුම් නිශ්ශංකට ද ආ බා ධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි තරගාවලිය අහිමි වන බවට වාර්තා පළ වුවත් ඔහු සම්පූර්ණ සුවය ලබා සංචිතයට එකතු වි සිටියි.

කඩුලූ රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර ඇති අතර සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, අසිත ප‍්‍රනාන්දු නම් කර ඇති අතර තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානක ඔවුන්ගේ සහායට එක්ව සිටියි.

වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් පසුගිය කොදෙව් සංචාරයේ තරගාවලියේ වීරයා සම්මානයට පාත‍්‍ර වූවේය.

ශී‍්‍ර ලංකාවත් බංගලිදේශයත් අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් බංගලිදේශ කණ්ඩායම හෙට (17 වැනිදා) කටුනායක හලාවත මේරියන් කී‍්‍රඩාංගණයේදී පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතය.

දිමුත් කරුණාරත්න (නායක දසුන් ශානක, පැතුම් නිශ්ශංක, ඕෂධ ප‍්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප‍්‍රනාන්දු, සුරංග ලක්මාල්, අසිත ප‍්‍රනාන්දු, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ප‍්‍රවීන් ජයවික‍්‍රම)

කුෂාන් සුභසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here