අපේක්ෂා රෝහලේ රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ 18ක් මාස 8 කින් ගෙනත් නෑ

0

අපේක්ෂා රෝහලේ අතිශයින් අසාධ්‍ය රෝගීන්ගේ නමින් ගෙන්වන බෙහෙත් වර්ග 18ක් මාස අටක් හෝ එයටත් වඩා වැඩි කාලයක සිට මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය බලධාර්න් උනන්දුවක් නොදක්වන බව වාර්තා වේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන අතිශය අසාධ්‍ය රෝගීන්ට ලබාදෙන බෙහෙත් වර්ග 18ක් එසේ මෙරටට ගෙන්වීම අත්හැර දමා ඇතැයි පැවැසේ.ඖෂධ හා එ න්නත් වර්ග 18ක් මෙසේ ගෙන්වීම නතර කර ඇතැයි හෙළිවේ.

රෝගියාගේ නමින්ම ගෙන්වන මේ ඖෂධ ගෙන්වාලනුයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාය. එම ඖෂධ හෝ එන්නත් වර්ග අනෙකුත් සාමාන්‍ය ඖෂධ වර්ග මෙන්ම එකවර දහස් ගණනින් ගෙන්වීමක් සිදු නොකෙරේ.එම ඖෂධ ඉතාමත් අධික මිල ගණන්වලින් යුක්තවන නිසා එම ඖෂධ ගෙන්වනුයේද ඉතාමත් සීමිත සංඛ්‍යාවකි.

මේ ඖෂධ අතරින් සමහරකගේ මිල රුපියල් ලක්ෂ තුනක් හෝ ඊට වැඩි මිලකින් යුක්තය. ඒවා භාවිත කරනුයේද අතිශය අසාධ්‍ය තත්වයේ රෝගීන් සඳහාය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මේ ඖෂධ ගෙන්වීම සඳහා ඉතා විශාල මුදලක් වැයවේ. මේ පිළිබඳ කරුණු සොයා බැලීමේදී සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළ බලධාරියකු පැවැසුවේ මේ ඖෂධ මෙරටට ගෙන්වීම නතර කිරීමෙන් ආයතනික වශයෙන් විශාල ලාභයක් ලබන බව පෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත(SPC) උත්සාහ දරන බවට සැකයක් මතුවන බවයි.

ඒ පිළිබදව අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ ආයතයක් ලෙස රෝගීන්ට අවශ්‍ය සියලු ඖෂධ සැපයීම හා අක්‍රමිකතා තුරන් කිරීම තුළින් ලාභ පෙන්වීම එක් ක්‍රමයක් බවය. රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ ලබා නොදීමෙන් ලාභ පෙන්වීම තවත් ක්‍රමයක් බවත් හෙතෙම පවසයි. ජීවිත්වීමේ අවසාන බලාපොරොත්ත අතර පසුවන රෝගියකුට තවත් මාස කිහිපයක් හෝ ජීවත්වීමට අතිශය අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට නොගෙන්වීම තුළින් ලාභ ඉපැයීමේ වීම ක්‍රියාවලියක් අනුගමනය කරනවාද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් හෙතෙම චෝදනා කරයි.

රෝගියකුගේ ජීවිතය පිළිබඳව තීරණය කළ හැක්කේ පවුලේ ඥාතීන්ට නිසා මාස දෙකක් හෝ ඊට වැඩි කාලයක් ජීවත්වන
රෝගීන් ලක්ෂ ගණන් මුදල් වියදම්කොට ඖෂධ ගෙන්වීම නිෂඵල ක්‍රියාවක් බවට ඇතැම් බලධාරීන් තුළ මුල්බැස ගෙන ඇති මතය වෙනස් විය යුතු යැයිද හෙතෙම පවසයි.

ඉකුත් යහපාලන සමය තුළද අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම නවතා දමා එම ඖෂධ අතිශයින් අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී දී කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරව හදිසි මිලදී ගැනීම යටතේ රුපියල් ලක්ෂ තුනේ ඖෂධ රුපියල් ලක්ෂ හතරක් හෝ පහකට ආසන්න විශාල මුදලක් වැයකොට ගෙවූ අවස්ථාවද වාර්තා වූ නිසා මෙයත් එවැනිම උපක්‍රමයකට මඟ සලසාගැනීමක්ද යන සැක මතුවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම රෝගීන්ට දෙන ඖෂධ හා එන්නත් වර්ග 18 ක් අපේක්ෂා රෝහලේ නොමැති වීම ගැන තොරතුරු විමසීමට ඉකුත්ද අපේක්ෂක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඔහු දැඩි රෝගී තත්වයකින් ප්‍රතිකාර ලබමින් සිටි බැවින් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳ
විමසූ අවස්ථාවේදී පැවැසුවේ මාධ්‍යයට අදහස් දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති නිසා අධ්‍යක්ෂවරයා රෝගාතුරව සිටින නිසා එතුමා යළි රාජකාරියට වාර්තා කළ පසු ඒ පිළිබඳව විමසන ලෙසයි. නමුත් මේ වන විට අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ ධුරය දැරූ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ජීවිතයෙන් සමුගෙන අවසන්ය.

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here