4 වෙනිද තරඟය අනිවාර්යයෙන්ම තියෙනව..අරවින්ද,වාස් එක්වෙයි..ඩිල්ශාන් නෑ

0

ඉන්දි­යාවේ සංචා­රය කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික පිලේ ක්‍රීඩ­ක­යන් කිහිප දෙනකු සහ­භාගි වන කොරෝනා අර­මු­දල් රැස් කිරීමේ පුණ්‍යා­ධාර ක්‍රිකට් තර­ගය ලබන මස 4 වැනිදා පල්ලේ­කැලේ අන්ත­ර්ජා­තික ක්‍රීඩාං­ග­ණ­යේදී අනි­වා­ර්ය­යෙන්ම පැවැ­ත්වෙන බව ක්‍රිකට් කළ­ම­නා­ක­රණ කමිටු සභා­පති මහා­චාර්ය අර්ජුන ද සිල්වා මහතා පව­සයි.

එම තර­ග­යට ටී.එම්. ඩිල්ෂාන් සහ­භාගී නොවනු ඇති බවත් එයට හේතුව ඔහු ඉන්දි­යාවේ පැවැති තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව ශ්‍රී ලංකා­වේදී හා දැනට පදිංචි ඔස්ට්‍රේ­ලි­යාවේ දින 14 බැගින් නිරෝ­ධා­ය­නය වීම බවත් ක්‍රිකට් කළ­ම­නා­ක­රණ කමිටු සභා­ප­ති­ව­රයා පැව­සීය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික පිලේ ක්‍රීඩ­ක­යන් කිහිප දෙනකු සහ­භාගි වන කොරෝනා අර­මු­දල් රැස් කිරීමේ මේ තර­ග­යේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නාය­ක­ත්ව­යට ඩිල්ෂාන් වෙනු­වට වෙනත් ක්‍රීඩ­ක­යකු නම් වනු ඇතැයි ද හෙතෙම සඳ­හන් කළේය.

දැන­ට­මත් අර­වින්ද ද සිල්වා හා චමින්ද වාස් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට එක් වීමට කැමැත්ත පළ කර ඇතැයි ද එම කණ්ඩා­යම ප්‍රවීණ ක්‍රීඩක සනත් ජය­සූ­රිය ඉදි­රි­යේදී ප්‍රකා­ශ­යට පත් කරනු ඇතැයි ද මහා­චා­ර්ය­ව­රයා පැව­සීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­නකු ඇතු­ළත් කණ්ඩා­යම ඉදි­රි­යේදී නම් කරන බව ද ඒ මහතා පැව­සීය. එහිදී තරුණ ක්‍රීඩ­ක­යන්ට වැඩි අව­ස්ථා­වක් දීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩ­ක­යන්ට කොරෝනා එන්නත දීම තාව­කා­ලි­කව අත්හිටු වීමට සිදු වූයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා­සො­නිකා එන්නත වයස අවු­රුදු 30ට අඩු අයට දීම නිර්දේශ නොක­රණ නිසා යැයි ද ක්‍රිකට් කළ­ම­නා­ක­රණ කමිටු සභා­පති මහා­චාර්ය අර්ජුන ද සිල්වා මහතා පැව­සීය. ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට සුදුසු වෙනත් කොරෝනා මර්දන එන්න­තක් ඉදි­රි­යේදී දෙන බව ඒ මහතා පැව­සීය.

“බංග්ලා­දේශ ක්‍රිකට් සංචා­රය සාර්ථක කිරී­මට අවශ්‍ය සියලු කට­යුතු සංවි­ධාන කොට තිබෙ­නවා. බංග්ලා­දේ­ශය මේ දින­වල ලොක්ඩ­වුන් වුණත් කණ්ඩා­යම ගෙන්වා ගෙන තර­ගා­ව­ලිය පැවැ­ත්වී­මට හැකි­යාව ලැබුණා. මේ සංචා­රය ජය ගැනීම ඉතාම වැද­ගත්. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ දින­වල පුහු­ණු­වීම් ආරම්භ කොට හොඳින් සැල­සුම් සකස් කර­නවා” සිල්වා මහතා පැව­සීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධා­යක කමි­ටුවේ හිටපු නිල­ධා­රී­යන්ගේ නිල කාලය පසු­ගිය 5 වැනි දින අව­සන් වූ හෙයින් ක්‍රිකට් නිල­ව­ර­ණය පැවැ­ත්වෙන ලබන මස 20 වැනි දින තෙක් අවශ්‍ය පරි­පා­ල­න­මය කට­යුතු උදෙසා මහා­චාර්ය අර්ජුන ද සිල්වා මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් ක්‍රිකට් කළ­ම­නා­ක­රණ කමි­ටුව පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here