පක්ෂ නායක හමුව විමල් වාසු ගම්මන්පිල නැගිට යන්න තියා ඇවිල්ලත් නෑ.

0

අද දින 2021-04-19 දින පැවති පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. යම් මාධ්‍යය වාර්තා කර තිබුණේ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ යන අමාත්‍යවරැන් එම රැස්වීමෙන් නැගිට ගිය බවයි. නමුත් ඔවුන් මෙම රැස්වීමට පැමිණ තිබුණේ නැති බව වාර්තා වී තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්ත සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් මෙම රැස්වීමට පැමිණ සිටීම විශේෂත්වයක්.

මෙහි දී අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ වෙනම මැයි දිනයක් පැවැත්වීමට හේතුව වෘත්තීය සමිතිවලින් කෙරෙන බලපෑම් බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ ‘වෘත්තීය සමිති බලපෑම් හා විවේචන එල්ල කිරීම සාමාන්‍ය බවත් ඔවුන් සමගි මිත්‍රශීලී ලෙස ඔවුන්ගේ හඩටත් සවන්දීම ඉතාමත් හොඳ ක්‍රියාවක් බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ මෙම සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙක බව මෙහි දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා සිටියා. තවද ශ්‍රී ලංක නිදහස් පක්ෂයට ඇති ගැටලු නිරාකරණය කර දෙන බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටි අතර එම ගැටලු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත හා බැසිල් රාජපක්ෂ මහතා වෙත ලබා දෙන බව ද දන්වා සිටියා.

මෙම පක්ෂ නායක හමුව සුළු පක්ෂ විසින් වර්ජනය කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලු මෙහි දී නිරාකරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here