මල්ලි නැති උනා..අම්මට හොඳවෙයි කියල ඒත්..පාස්කු ඉරිදා අමිහිරි මතක (VIDEO)

0

2019 අප්‍රේල් 21අදට වසර දෙකක්..එදාට පාස්කු ඉරිදා යෙදී තිබුණා,කතෝලික බැතිමතුන් මහත් භක්තියෙන් පල්ලි ගියෙ තම ආගමානුකූලව චාරිත්‍ර ඉටු කරන්න.

ඒ අය පල්ලි යනකොට මේ රටේ රහසිගතව වෙන දෙයක් සැලසුම් වෙමින් තිබුණ.කිසි දෙයක් නොදන්න අහිංසක මිනිස්සු කොච්චිකඩේ පල්ලිය,කටුවාපිටිය පල්ලිය වගේ පල්ලිවල තම දුවා දරුවො එක්ක දේව මෙහෙයන් වලට එක්වී හිටිය.

ඒත් ඔවුන් හිතන්න නැතුව ඇති ඒ ඔවුන් දෙවියන් ඉදිරියේ සිටින අවසන් උදෑසන කියල.මොකද ඊට සුලු මොහොතකට පසු ඔවුන් දෙවියන් ලඟට යවන්න තවත් කණ්ඩායමක් ලගා වෙමින් තිබුණ.

හිතුවෙවත් නැති වෙලාවක හිතන්නවත් ඉඩක් නැති කරපු ඒ අදුරු මොහොත,ඒ අදුරු දවස ජීවිත කීයකනම් බලාපොරොත්තු සුන් කරාද.දෙමව්පියන්ට දරුවන් දරුවන්ට දෙමව්පියන්…ඥාති හිත මිතුරො ගම් පිටින් වි නා ශ කරන්න තරම් ඒ සිදුවීමට පුලුවන් උනා.

ජීවිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවත් උන මිනිස්සුන්ට පුංචි බලාපොරොත්තුවක්වත් නැති කරමින් ඒ අදුරු මොහොත උදා උනා.ඔව් ඒ සිදුවීමට අදට වසර දෙකක්.අදටත් ඒ අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ඨ වෙලා නෑ.මේ ඒ මතක ටිකක්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here