පාස්කු සිදුවීමෙන් මිය ගිය දුවගේ සොහොන ලඟ වසර 2 ක් නිදාගන්න තාත්තා

0

පාස්කු සිදුවීමෙන් අදටත් වේ දනා විදින ජීවිත කොයිතරනම් තියෙනවද..මැ රි මැ රී ජීවත් වෙන ඒ මිනිස්සුන්ගේ සමහර
කතා ඇහුවම අපිටත් දරාගන්න හරි අමාරුයි.

ඒ විදිහට සංවේදී කතාවක් ගැන සුනිල් ද සිල්වා පියතුමා විසින් සිය මුහුණුපොතට දමා තිබුණා.එහි සඳහන් වෙලා තිබුණේ පාස්කු සිදුවීමෙන්
මිය ගිය දුව අකුණු වලට බය නිසා වැස්ස වෙලාවට දුවගේ සොහොන ළඟට වෙලා
එළිවෙනකන්ම ඉන්න තාත්තා කෙනෙකු ගැනයි.

එම සටහන පහතින්..

වසර දෙකක් තිස්සේ තවමත් සුසාන භූමියේ නිදාගන්න තාත්තා..!පාස්කු ඉරුදින සිදූ වූ සිදුවීමෙන් තම බිරිඳ සහ දරු තිදෙනා අහිමි වූ පියෙක්.

පාස්කු සිදුවීමට දෙවසරක් පිරීම හේතුවෙන් නැසීගිය තම ආදරණීයයන් සිහි කරමින් සිය
නිවස තුළ දිව්‍යයාගයකට සහභාගී වෙමින්.

මේ ප්‍රියන්ත මහතා නේද? පාස්කු සිදුවීම නිසා බිරිඳත් දරුවො තුන් දෙනත් අහිමි උනා විතරක් නෙමේ ජීවත් වූ නිවස පවා නැති උනා.

එයාගෙ නැති උන දුව අකුණු වලට බය නිසා..වහින වෙලාවට දරුවන් ගෙ සොහොන් ලඟට වෙලා ඉන්නව රෑ එලිවෙනකන්…කටුවාපිටිය හැම නිවාසකම මේ වගේ දුක්බර කතාවක් තියෙනව.

( හිරු ගොසිප් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here