නව කොවිඩ් ප්‍රභේදයෙන් ඉන්දියාව හාන්සියි..සුසාන භූමිවල ඉඩ නෑ.

0

මේ වනවිට අතිශයින් ද රු ණු කොවිඩ් බලපෑමකට ගොදුරුව සිටින ඉන්දියාවෙන් තවත් අලුත් වයිරස ප්‍රභේදයක් සොයාගෙන තිබේ. මෙම අලුත් ප්‍රභේදය මුලින්ම වාර්තා වී ඇත්තේ එරට බටහිර බෙංගාල ප්‍රාන්තයෙනි.මෙම ප්‍රභේදයේද විශේෂ ලක්‍ෂණයක් ලෙස සඳහන් වන්නේ කලින් වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ටද, එන්නත ලබා ගත් පුද්ගලයන්ටද මෙය නැවත ආසාදනය වීමේ හැකියාවක් පැවතීමයි. ශරීරයේ ප්‍රතිශක්තිය පරාජය කිරීමේ හැකියාවක් මෙයට ඇති බව සඳහන් වේ.මෙම නව ප්‍රභේදය හඳුන්වා ඇත්තේ බී. 1.618 යනුවෙනි. මෙයට ටික දිනකට පෙර, බී.1.617 යනුවෙන් නම් කෙරුණු තවත් නව ප්‍රභේදයක්ද ඉන්දියාවෙන් සොයා ගැනිනි.

එරට තුළ මේ වන විට ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ යාමට එක් හේතුවක් වන්නේ මෙවැනි නව ප්‍රභේද ඇති වෙමින් තිබීම බව විශ්වාස කෙරේ. මෙම ඇතැම් ප්‍රභේද ඉතා වේගයෙන් සහ පහසුවෙන් ව්‍යාප්ත වන ඒවා වන අතර බරපතළ රෝග ලක්‍ෂණ ඇති කිරීමටද,කොවිඩ් හේතුවෙන් ජීවිත හානි සංඛ්‍යා ඉහළ දැමීමටද මේවාට හැකි බව සොයාගෙන තිබේ.

එමෙන්ම තරුණ වයසේ අය මෙම නව ප්‍රභේදවලට වැඩි වශයෙන් ගොදුරු වෙමින් සිටින ආකාරයක්ද දැකිය හැකි වේ. මෙම තත්ත්වය වයිරසවේදීන් ඇතුළු බොහෝ පාර්ශ්ව තුළ මහත් කනස්සල්ලක් ඇති කිරීමට හේතු වී තිබේ.

මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන දෛනික ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළ යමින් ඇත. පසුගිය අඟහරුවාදා (20 වැනි දා) වනවිට දෛනික ආසාදිතයන් ගණන ලක්‍ෂ තුනේ සීමාවට ආසන්න වෙමින් තිබිණි. එදින වාර්තා වී තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 295,041 ක් විය. දෛනික කොවිඩ් මරණ ගණන සටහන් වූයේ 2,023 ක් ලෙසිනි. මෙය එතෙක් එරටින් වාර්තා වී තිබූ වැඩිම දෛනික මරණ ගණනයි. මෙම තත්ත්වය තුළ එරට ඇතැම් ප්‍රාන්තවල සු සා න භූමි, ආ දා හ නා ගාර විශාල අර්බුදයකට මුහුණ දෙමින් ඇති බවද වාර්තා වේ.

ජීවිතක්ෂයට පත්වන වේගය අනුව සුසානභූමි සේවකයන්ට සො හො න් වළවල් හෑරීම අපහසු වී ඇති බැවින් ඒ සඳහා බැකෝ යන්ත්‍ර යොදා ගැනීමට සිදුව ඇත. සු සා න භූමිවල ඉඩකඩ අවසන් වෙමින් තිබීමද විශාල ගැටලු මතු කරමින් ඇති කාරණයකි. ඒ අතර ඇතැම් ආ දා හ නා ගාරවල දිනකට ආ දා හ නයන් සියය ඉක්මවා කරන්නට සිදුව ඇති බවද සඳහන් වේ.

රෝගීන් සඳහා රෝහල්වල ඉඩ නොමැති වීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් පවා හරවා යවන තත්ත්වයක් සති කිහිපයක සිටම මතුව තිබිණි. ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන, හුස්ම ගැනීමට පවා අපහසු රෝගීන් ඇඳන්වල නොව කොරිඩෝවල වාඩි කරවා ඔක්සිජන් ලබා දෙන ආකාරය දැක්වෙන විඩියෝ දර්ශන මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත. ඇතැම් රෝගීන් රෝහල් බිම මත වැතිර කෙඳිරි ගාමින් සිටින අන්දමද මෙම වීඩියෝවල දැකිය හැකි වේ.රෝහල් සොයමින් යන රෝගීන් අතරමගදී මිය යන අවස්ථා ගැනද වාර්තා වේ.

මේ අතර ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායක එම්.එස්. දෝනිගේ මව සහ පියාද ආසාදිතයන් බවට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහුගේ මව දේවකි දේවි සහ පියා පාන් සිං මේ වනවිට ජාර්ඛාන්ද් ප්‍රාන්තයේ රන්චි නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. දෝනි මේ දිනවල සිටින්නේ අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් මුම්බායි නුවරය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඔහුයි.

( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here