රට අවදානම් අඩියක..ICU උපරිම ධාරිතාවක..ඔක්ෂිජන් අවශ්‍යතාව ඉහළට

0

දැන් අවුරුදු කෑවද දැන් සැපද ගගා එක එක්කෙනාට චෝ ද නා කර කර ඉදල දැන් පලක් නෑ..වෙන්න ඕන දේ වෙලා ඉවරයි.මිනිස්සු හැමෝම වගේ පහුගිය කාලෙ හැසිරුනේ කොරෝනා සදහටම ඉවරයි වගේ හැගීමකින්.සමහරු දැනුත් හැසිරෙන්නෙ එහෙමයි.

මේ වෙනකොට කොළඹ IDH රෝහලේ රෝගීන් උපරිම ධාරිතාවට ඇවිල්ල.ඔක්ෂිජන් අවශ්‍යතාව ඉහළ ගිහින්.මේ පැතිරයන කොරෝනා නව ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනව.මේ වෙද්දි අපේ රටේ බොහෝමයක් දෙනා අතර මේ වෛරසය පැතිරිලා ඇති.

වෛද්‍යවරු කියන විදියට ගිය සැරේ රෝගීන් 8000 පමණ හොයාගත්ත කාලෙත් ICU ඇදන් වල හිටියෙ රෝගීන් 15-18 වගේ.හැබැයි මේ මොහොත වෙද්දි අලුතෙන් හදුනාගෙන ඉන්න රෝගීන් 3000 ක් අතරින් රෝගීන් 35 ක් පමණ ICU ප්‍රතිකාර ලබනවා.

කලින් මේ වෛරසයෙන් දැඩි බලපෑම් උනේ වයස අවුරුදු 55 ට ඉහළ අය.ඒත් මේ වෙද්දි තරුණ පිරිස් වැඩි වශයෙන් ICU ප්‍රතිකාර ලබන්න තරම් නව ප්‍රභේදය ද රු ණුයි.

අල්ලපු රට වෙච්ච ඉන්දියාව මේ වෙද්දි කොරෝනා නව ප්‍රභේදයෙන් අන්ත අසරණවෙලා.විශාලා මහනුවරක් වෙලා ඉවරයි.ඉස්පිරිතාලවල ඉඩ නෑ.අඩුම තරමෙ මි ය ගිය අයගෙ අවසාන කටයුතු කරන්න සු සා න භූමිවලත් ඉඩ නෑ..අපේ රටටත් එවැනි තත්වයක් ඇති උනොත් අපේ රට ඉවරෙටම ඉවරයි.

මිනිස්සු තාමත් මේක සැහැල්ලුවට අරන්.හිතන්න අපි දැන් ඉන්නෙ රටක් වශයෙන් අ ව දා නම් අඩියක.තවත් පල්ලැහැට යනවද අවබෝධයෙන් වඟකීමෙන් කටයුතු කරල ජීවත්වෙනවද කියල ඔබ තීරණය කරන්න.ඒ තීරණය ඔබේ සමීපතමයින්ගෙ ජීවිත ගැනත් වඟකියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here