අවම වශයෙන් දින 4ක් වත් රට සම්පූර්ණයෙන්ම වැසිය යුතුයි.

0

අවම තරමින් දින තුන හතරක කාලයකට හෝ රට සම්පූර්ණයෙන් වසා දමා රට තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා තත්ත්වය පාලනය කිරීමට පියවර ගතයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන යෝජනාව මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර එය ජනාධිපතිවරයා සමඟ අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ හමුවේදී සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන
බවයි.

මෙම සාකච්ඡාව සඳහා කොවිච් 19 රෝග පාලන ක්‍රියාවලියට එක්ව සිටින සියලු අංශවලට අමතරව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ද කැඳවා තිබෙනවා.

උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ මෙම යෝජනාව සඳහා ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here