ලීටර් 18 සිලින්ඩරය වෙළදපොළෙන් ඉවත්කරගන්නා ලෙස දන්වයි

0

මෙතෙක් වෙළදපොළේ පැවති කිලෝග්‍රෑම් 12.5 ක්වූ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18 ක් අඩංගු නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුවුණේ ගැටලුකාරී තත්වයක්.

ඒ නව ගෑස් සිලින්ඩරය හේතුවෙන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුව ඇති බවට ප්‍රකාශ වීමත් සමඟයි.

කිලෝග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ ගෑස්.සිලින්ඩරයක ඇතුළත් විය යුතු ලීටර් ප්‍රමාණය 25ක් පමණ වන අතර, නව සිලින්ඩරයෙහි ඇත්තේ ලීටර් 18ක් පමණයි.

මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික සේවා අධිකාරියේ මීට පෙර කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ එම ගෑස් සිලින්ඩරය වහාම වෙළඳපොලෙන් ඉවත් කරගන්නා ලෙසට අදාල ගෑස් සමාගම වෙත දැනුම් දුන් බවයි.

එසේම, පාරිභෝගික. ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා අදාළ සමාගමට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගෑස් සිලින්ඩරවල බර කිලෝග්‍රෑම් වලට හරවා යළි වෙළඳපොලට නිකුත් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here