රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම් දීමක්.

0

කොරෝනා ව සං ගතය හමුවේ රාජ්‍ය ආයතනවල සේකයින් කැඳවන ආකාරය ලබන සතියේ දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේක්ම් ජේ.ජේ රත්නසිරි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති පොදු මාගෝපදේශ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කරන ආකාරය
සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

ඒ සම්බන්ධයෙන් තමන් ඊයේ (23) දිනයේ ජනාධිපති ලේකම්වරයා සමඟ ද සාකච්ඡා කළ බවයි ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.

තුන්වන අ ව දානම් මට්ටම මත පදනම්ව ලබන මැයි 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් සිදුකළයුතු ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (23)
ප්‍රකාශයට පත් කළා.

එහි දැක්වෙන්නේ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවලට අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව සමග කටයුතු කිරීමට අවසර ඇති අතර, හැකි සෑම විටම නිවසේ සිට වැඩ
කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවයි.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල් මෙන්ම පාසල් සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකි බවද අදාල මාගෝපදේශ වල දැක්වෙනවා.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ පාසල් පවත්වාගෙන සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ක්‍රමවේද ශක්තිමත්
කළ යුතු බවයි.

ලබන මස 31 වනදා දක්වා කැසිනෝ, රාත්‍රී ස මා ජ ශාලා, ස ම්බා හන මධ්‍යස්ථාන, ළමා උද්‍යාන,සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද,ගෘහස්ථ උත්සව එළිමහන් උත්සව,විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති වසා දැමිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිකුත් කළ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ වල ඇතුලත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here