ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළදපොළෙන් ඉවත් කරගන්න දැනුම් දුන්න – පාරිභෝගික අධිකාරිය.

0

මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කර තිබෙන නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ඉවත් කරගන්නා ලෙස ලිට්රෝ සමාගමට දැනුම් දී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.

එහෙත් තම සමාගමට එවැනි ලිඛිත දැනුම් දීමක් ලැබී නැති බැවින් නිකුත් කර තිබෙන නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට තීරණයක් ගෙන නැතැයි ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා පැවසීය.

තම සමාගම වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩර්හි තාප ධාරිතාව ඉහළ බැවින් සුළු කාලයක් තුළ වැඩි ආහාර ප‍්‍රමාණයක් පිස ගැනීමට හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

ලිට්ට්‍රෝ ගෑස් සමාගම විසින් කිලෝ ග‍්‍රෑම් වශයෙන් සඳහන් කරමින් මෙතෙක් නිකුත් කෙරෙන ගෑස් සිලින්ඩර්වලට අමතරව ලීටර් වශයෙන් සඳහන් කෙරුණු ගෑස් සිලින්ඩර් ද නිකුත් කෙරෙන බවත් නව ගෑස් සිලින්ඩරය අනාගතයට සරිලන ක‍්‍රමයක් බවත් සභාපතිවරයා පැවසීය.

නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කරන බව පවසමින් රුපියල් 100 ක මිල අඩු කිරීමක් කරමින් කර ඇත්තේ පාරිභෝගික ජනතාව මු ලා කිරීමක් බවට පාරිභෝගික අධිකාරිය කරන ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අනුර බාලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here