පාසල් වහන්නෙ නෑ…සැලසුම් කළ පරිදි අඟහරුවාදා සිට දිගටම..අධ්‍යාපන ලේකම්.

0

රජයේ සහ අනුමත පාසල් කළින් සැලසුම් කළ ආකාරයට අඟහරුවාදා (27) සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාතයංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පාසලක එක පන්තියක සිසුන් 15ක් වනසේ කණ්ඩායම් වශයෙන් සිසුන් පාසල්වලට  කැඳවන බව ලේකම්වරයා කියයි.

පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පාසල් බලධාරීන්ට උපදෙස් නිකුත් කර ඇති බවද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත් බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් පාසල් යමි කිසි කාලයකට යළිත් වසා දමා දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙසයි.

එමෙන්ම මේවන විට ත්‍රීකුණාමලය ඇතුලු බොහෝ ප්‍රදේශය වල ඇතැම් පාසල් වසා දමා තිබෙනවා.ඒ එම පාසල් වලින් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟයි.

එමෙන්ම මේ වනවිට උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටත්,විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තව දුරටත් කල් දැමීමටත් රජය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here