ඉදිරියේදී රෝගීන් වැඩිවෙනව..වහාම සංචරණ සීමා පනවන්න – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න.

0

කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බවත් මේ තත්වය මත ඉදිරියේදී අනිවාර්යයෙන්ම රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටියි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මේ වන විට විශාල අවදානමක් ඉදිරියේ සිටින බවයි.එමෙන්ම මුල් කාලයේදී කොරෝනා ආසාදිතයින්ගෙන් රෝග ලක්ෂණ නොපෙන්වූ රෝගීන් ප්‍රමාණයට වඩා මෙවර ආසාදිතයින් රෝග ලක්ෂණ නොපෙනෙන ප්‍රමාණයද වැඩ බව වෛද්‍යතුමිය පවසනවා.

ලොක්ඩවුන් කිරීමකට යාම විශාල කාර්යයක් බවත් ඒ පිළිබඳව තීරණය ගත යුත්තේ කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කර නමුත් මෙම තත්වය යම් තාක් හෝ පාලනය කිරීමට නම් වහාම සංචරණ සීමා පැනවීම කල යුතුම යයිද ඇය කියා සිටී.

දැනට ශ්‍රී ලංකාව සිටින්නේ තුන්නාන රැල්ල ආරම්භයේ දී පමණක් යැයිද ඇය පෙන්වා දෙයි.

වෛරස් ව්‍යාප්තිය පිළිබඳව නිවැරැදි දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් ලබා නොදෙන බවද පවසන ඇය මෙය ඉතා ගැටලුකාරී තත්ත්වයක් යයිද කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කළා ය.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here