ඩෙංගු රෝගයට සමාන රෝගයක් කුඩා දරුවන් අතරේ

0

මේ දිනවල කුඩා දරුවන් අතර ඩෙංගු රෝගයට සමාන වයිරස් රෝගයක් පැතිර යන බැවින් රෝග ලක්ෂණ මතුවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි ඉල්ලීමක් කෙරේ.

ළමා රෝග වි​ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ ‘හෑන්ස්, ෆුට්, මවුත් ඩීසිස්’ යනුවෙන් හඳුන්වන මෙම රෝගයෙන් දරුවන්ගේ අත්, පා සහ මුඛයේ රතු පැහැති බිබිළි හටගන්නා අතරම උණ කැස්ස ඇඟපත වේදනාව මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවයි.

එමෙන්ම එවැනි රෝගීන්ගේ රු ධි ර පරීක්ෂාවකදී රු ධි ර ගණයේ (ෆුල් බ්ල ඩ් කවුන්ට්) අඩුවක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කරයි. මෙම රෝගය ඉතා පහසුවෙන් බෝවන බැවින් රෝග ලක්ෂණ මතුවුවහොත් දරුවන් පාසල් වෙත නොයවන ලෙස ඉල්ලා සිටී.

එවැනි තත්ත්වයක් යටතේ වහාම වෛද්‍ය පරීක්ෂණයන් වෙත යොමු වන්නැයිද යම් හෙයකින් රෝගය උත්සන්න වුවහොත් නියපොතු හැලීයාමේ තත්ත්වයක් මතුවිය හැකි යැයිද විශේෂඥවරයා සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here