අවදානම නොතකා යාපනේ කෝවිලක පූජාවකට දහස් ගණනින් රොක් වෙති.

0

දිවයින පුරා කොරෝනා වසංගත අවදානමක් පවතින අවස්ථාවක යාපනයේ නාචිමාර් කෝවිලේ අශ්ව රථ උළෙලට දහස් ගණනක් දමිළ ජනයා එක්රැස් වී තිබෙන බව වාර්තා වේ.

කමච්චි අම්බල් දේවතාවියට ​​වන්දනාමාන කිරීම සඳහා මෙලෙස ජනයා රැස්ව ඇති අතර මෙම උත්සවය යාපනයේ වන්නර්පන්නයි ප්‍රදේශයේ පසුගිය දිනක පවත්වා තිබේ

පැමිණ සිටි සමහරක් දෙනා මුහුණු ආවරණ පැළඳ සිටිනු දක්නට ඇති අතර සමාජ දුරස්ථභාවය නොසලකා හැර ජනයා විශාල වශයෙන් රැස්ව සිටි බව වාර්තා වේ.

(අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here