කොවිඩ් හමුවේ ධනවතුන් ඉන්දියාව හැර යයි.

0

ඉන්දියාවේ පවතින කොවිඩ් අවදානමත් සමග එරට ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පළායමින් සිටින බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

එවන් පසුබිමක තම පෞද්ගලික වාහනය විකුණා දමා එම මුදලින් ඔක්සිජන් ටැංකි මිලදීගෙන දුප්පතුන් වෙත නොමිලේ බෙදාදුන් පුද්ගලයෙකු පිලිබඳව ද වාර්තා වී තිබුණි.

විදෙස් මාධ්‍ය ඔහුව හඳුන්වා දී තිබුණේ “ඔක්සිජන් මිනිසා” ලෙසය.

මෙ අතර, ඉන්දීය ජාතික සුන්දර් පිචායි ප්‍රධානීත්වය දරන ගූගල් සමාගම සහ සත්‍යා නඩාලා ප්‍රධාන විධායක නිලධාරී ධුර දරන මයික්‍රොසොෆ්ට් සමාගමද ඉන්දියාවට ආධාර ලබාදීමේ වැඩසටහනේ පෙරමුණ ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here