අපිටත් ඉන්දියාවෙ තත්වය ඇතිවෙන්න පුළුවන් – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

0

අතීතයේ සිදු වූ වැරදි ගැන කතා කිරීමෙන් දැන් පලක් නැති බවත් එළබෙන කාලයේදී සියලු දෙනා තම වඟකීම ඉෂ්ඨ කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.

රට අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට යයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සඳහන් කරයි.

මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අ වදානම් සහ බ රපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.කොවිඩ් නව ප්‍රභේදයක් රට පුරා සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් එම ප්‍රභේද පිළිබඳව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුලු කණ්ඩායම පරීක්ෂණ සිදුකරන බවත් ඇය මෙහිදී පවසා සිටිනවා.

දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් ශ්‍රී ලංකාවට ද ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඇය කියා සිටී.කෙසේවෙතත් සියල්ලට ප්‍රථමයෙන් මිනිසුන් ජීවත්වී සිටිය යුතු බවත් රෝගය ව්‍යාප්ත වී රෝගීන් වැඩි වූවහොත් එයත් රටේ ආර්ථිකයට බරක් වන බවත් එම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වූයේ සම්පූර්ණ ලොක්ඩවුන් තත්වයට යාමට නොහැකිනම අවම වශයෙන් පළාත් අතර හෝ සංචරණ සීමා පැණවිය යුතු බවද යැයිද වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.

එම වීඩියෝව පහළින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here