නව ප්‍රභේදයයේ රෝග ලක්ෂණ හා සංකූලතා තවමත් පැහැදිලි නෑ..ස්වසන ආබාධ ඇතිවූවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න.

0

දැනට මෙරට ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවේ පවතින කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ විකෘතියක් හෝ විදේශීය රටකින් මෙරටට පැමිණ ඇති වෛරසයක් බවට සැක කෙරෙන බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හා වෛද්‍ය වෘත්තීය සංවිධානවල අන්තර් විද්‍යාල කමිටුවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ සහ සංකූලතා පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක කරුණු තවමත් පැහැදිලි නොවන බැවින් මෙම දිනවල ශ්වසන රෝග ලක්ෂණ පවතින සියලූ දෙනා අනිවාර්යයෙන්ම කොරෝනා පරීක්ෂණයකට යොමු වී වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බවට මහජනතාවට තරයේ නිර්දේශ කරන බව වෛද්‍ය ගුණරත්න මහත්මිය කීවාය.

මෙම නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයට ගොදුරු වන අය අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත බ රපතළ සායනික තත්ත්වයන්ට යොමු කළ යුතු වේගයෙන් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන රෝගීන් හා බ රපතළ රෝග ලක්ෂණ සහිත තරුණ රෝගීන් බහුලව සිටින බව වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන වෛද්‍ය ගුණරත්න මහත්මිය, මෙම නව වෛරස් ප‍්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන්නක් වීම නිසා ඉදිරියේදී රෝහල්වල ප‍්‍රතිකාර ලබන බ රපතළ රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයන්ගේ උතුරා යාමක් දක්නට ලැබෙනු ඇතැයි අවධාරණය කර සිටී.

මෙසේ බ රපතළ රෝග ලක්ෂණ සහිතව රෝහල් දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා යන අයුරින් රෝගීන් ඇතුළත් කිරීමක් සිදු වුවහොත් කොරෝනා ආසාදිත ම ර ණ සංඛ්‍යාව ද ඉහළ යෑමේ දැඩි අවදානමක් පවතී.

වැඩිහිටි ජනගහනයට වඩා තරුණ ජනගහනයට වැඩි බලපෑමක් හා ම ර ණීය අවදානමක් එල්ල කළ හැකි මෙම නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබන ළමුන් හා වෛද්‍යවරුන් අතර ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බවට ද හඳුනාගෙන ඇත.

මෙම නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයට ගොදුරු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එම වෛරස් ප‍්‍රභේදයට ගොදුරු වීම නිසා රෝහලගත වන හා ඔක්සිජන් හා දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබා දිය යුතු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ.

ඒමන්ති මාරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here