කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තුර්කියත් සම්පූර්ණයෙන්ම වසා දමයි.

0

කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ අද (29දා) සිට මැයි 17 දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි බලධාරීන් තීරණය කර තිබේ.

රට වසා දැමීමෙන් පසු සිය නිවෙස්වලම රැඳී සිටින ලෙස තුර්කි ජනාධිපති තායිප් එඩෝගන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නගර අතර ගමන් කිර්ම සඳහා පූර්ව අනුමැතිය ලබා ගත යුතුව බවත්,සියලුම පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කරන ලෙසත් රට වසාදැමී නිවේදනය කරමින්ජ නාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යවශ්‍ය කටයුතු සදහා හැර නිවෙස්වලින් පිටතට යෑමට සාමාන්‍ය වැසියන්ට අවසර හිමි නොවනු ඇත.

නමුත් හදිසි සේවාවල, ආහාර සහ නිෂ්පාදන අංශවල සේවයේ නිරත වන්නන් වැනි සීමාසහිත පිරිසක පමණක් සිය සේවා කටයුතු වෙනුවෙන්
නිවෙස්වලින් බැහැර යා හැකිය.

පසුගිය පැය 24ක් තුළ තුර්කියෙන් නව කොවිඩ් ආසාදිතයන් 37,000 ඉක්මවා
වාර්තා වී ඇති බවත් 353 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත්, තුර්කි සෞඛ්‍ය අංශ විසින් නිවේදනය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here