අහඹු පී.සී.ආර් පරීක්ෂණ වහාම නවත්වන්න උපදෙස් දීල..එයින් තත්වය තවත් බරපතළ වේවි – උපුල් රෝහණ

0

මේ වනවිට රට භ යානක තැනකට තල්ලු වෙමින් පවතින බවත් දිනෙන් දින කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඟමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

නමුත් එවන් පසුබිමක කණ්ගාටුදායක ලෙස අහඹු පී.සී.ආර් පරීක්ෂණ වහාම අත් හිටුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඇතැම් දිස්ත්‍රික්කවලට දැනුම් දී ඇති බව ඒ මහතා පවසා සිටිනවා.

මේ පවතින තත්වය මත එලෙස පීසීආර් පරීක්ෂණ අත් හිටුවීම තවත් මේ තත්වය තීව්‍ර වීමට ඉඩ ඇති බවත්,පී.සී.ආර් පරීක්ෂණ සඳහා උපකරණ වල හෝ වෙනත් යමක අඩුපාඩු ඇත්නම් වහාම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත් ඔහු පවසා සිටිනවා.

එසේ නොකර පී.සී.ආර් පරීක්ෂණ අඩු කර රෝගීන්ගේ අඩුවක් පෙන්වූ විට එය ජනතාව සැහැල්ලු ලෙස සිතිය හැකි බවත් එම නිසාම මෙම තත්වය තවත් උග්‍ර විය හැකි බවත් උපුල් රෝහණ මහතා පවසා සිටිනවා.

එම වීඩියෝව පහළින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here