වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා වෙනුවට පාස්කු විමර්ශන කටයුතු අඩපණ කිරිමේ විපක්ෂයේ සැලැස්මක් – මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි

0

පාස්කු සිද්ධිය සංවිධානාත්මකව කරන ලද මි..නී මැ..රුමක්  ත්‍ර.ස්තවාදී ප්‍ර..හාරයක්.එම ඝා..තන සැලැස්මට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ සියළු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙනවා.

නමුත් මේ වන විට පාස්කු සිදුවීමේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා වෙනුවට ප්‍රේමදාස කල්ලිය විසින් පාස්කු සිදුවීමේ පරීක්ෂණ කටයුතු අඩපන කිරිමට අධම සැලසුම් සකස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ලබන මස කහතුඩුව ප්‍රදේශයේදී ඉදිකිරිම් ආරම්භ කිරිමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර සදහා මුල්ගල තබන ස්ථානයේ, ස්ථානීය පරීක්ෂාවක් 2021-04-28 වන ඊයේ දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කිරිමෙන් අනතුරුවය.

මෙම ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

එදා 2002 වසරේ යු.ධ හමුදා බුද්ධි අංශය විසින් රහසිගතව අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුල පවත්වාගෙන ගිය දිග දුර විහිදුම් බලකා කදවුර වටලා එහි තිබූ අ..වි.ආ..යුධ සහ බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගනිමින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලා රට අරාජික කලා. මෙය එදා ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කල එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ අනුදැනුම මත වූ සිදු සිදුවීමක් බව හැමෝම දන්නා කරුණක් රටේ බුද්ධි අංශය සහ එහි සාමාජිකයන්ගේ තොරතුරු හෙලිවීම නිසා කර්නල් මුතාලිෆ් කපිතාන් නිලාම් වැනි විශිෂ්ඨ නිලධාරීන්ව එදා එල්ටීටී  විසින් මහ මග ඝා..තනය  කලා.

2002 වසරේ එජාප ආණ්ඩුවේ සිටි ප්‍රබලයන් වර්ථමානයෙදී විපක්ෂය නියෝජනය කරනවා. දැන් ඔවුන් උත්සහ කරන්නේ එදා ඔවුන් විසින් සිදු කල දෙය අද රට තුල සිදු කිරීමටයි. එනම් පාස්කු සිදුවීම පිළිබදව කතෝලික ජනතාව අතර වැරදි මත පතුරවමින් විමර්ශන කටයුතු අඩාල කිරීමටත් අපක්ෂපාතීව විමර්ශන කරන නිලධාරීන්ව ඉවත් කිරීමටත් ප්‍රේමදාස ක ල්ලියේ පාර්ලිමේන්තු කණ්ඩායම උත්සහයක නිරත වෙනවා.

රිෂාඩ් බදූර්දීන් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා නියෝජනය කරන්නේ සමගි ජනබලවේගයයි. අද රිෂාඩ් වෙනුවෙන් පෙනී සිටින මුජිබර් රහුමාන්, රාවුෆ් හකීම්, අබ්දුල් හලීම් යන අයත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්. මුස්ලිම් පල්ලි වල ක..ඩු තිබිල අහුවෙද්දි හලීම් මන්ත්‍රීවරයා කිව්වේ ක..ඩු ගෙනාවේ තන කොළ කපන්න කියලයි. දැන් අපිට මේකෙන් පෙනෙන්නේ අත්අඩංගුවේ සිටින සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නෙත් ඒවාට අනුබල දුන්න අයයි.

ආණ්ඩුවේ කිසිදු අතපෙවීමකින් තොරව ස්වාධීනව සිදු කරන මෙම විමර්ශන නිසා ප්‍රේමදාස ක ල්ලියේ දැවැන්තයන් බියට පත් වෙලා. ඒ නිසයි ඔවුන් අද පාස්කු  විමර්ශන කටයුතු අඩාල කිරීමේ කූ ඨ සැලැස්මක නියැලමින් සිටින්නේ.

කතෝලික අමාත්‍යවරයකු වශයෙන් මම ඉතා වගකීමෙන් කියනවා පාස්කු සිදුවීමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ සියළුදෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දීම තුලින් කාදිනල් හිමිපාණන් ඇතුළු සමස්ථ කතෝලික ප්‍රජාවට සාධාරණයක් ඉෂ්ඨ කරනවා කියලා.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි මහතා, රුවන්පුර අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂිකා එච්.ජි.එන්.ප්‍රේමකාන්ති මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here