වාහන ගෙන්වන්න ඉඩ දෙන්න..ආනයනය නතර කිරීමෙන් ඉන් යැපුණු ලක්ෂ 4 ක් අසරණයි.

0

කොරෝනා වයි­ර­සය පැති­ර­යෑ­මත් සමඟ ඉකුත් වසරේ මාර්තු සිට වාහන ආන­ය­නය නතර කිරීම නිසා පාවිච්චි කළ වාහ­න­වල මිල ගණන් සිය­යට තිහක් – හත­ළි­හත් අතර ප්‍රමා­ණ­ය­කින් ඉහළ ගොස් ඇතැයි මෝටර් රථ ආන­ය­න­ක­රු­වන්ගේ සංග­මයේ ලේකම් ප්‍රසාද් කුල­තුංග මහතා දින­මි­ණට පැව­සීය.

2020 වසරේ මාර්තු මස සිට කොරෝනා වයි­ර­සය මෙරට පැති­ර­යා­මෙන් පසුව මෝටර් රථ ආන­ය­නය තාව­කා­ලි­කව නතර කර දැමී­මට රජය තීර­ණය කළේය.

සාමා­න්‍ය­යෙන් මෝටර් ‍රථ හැට­ද­හ­සක් පමණ වස­ර­කට මෙර­ටට ආන­ය­නය කරන අතර ඉකුත් මාස දහ­තු­නක කාලයේ මෝටර් රථ ගෙන්වීම සම්පූ­ර්ණ­යෙන්ම නතර වී ඇතැයි ද කුල­තුංග මහතා කීය.

මේ වයි­රස කාල­සී­මා­වේදී රුපි­යල අව­ප්‍ර­මා­ණය වීම නතර කර දැමීම සඳහා යැයි කිය­මින් මෝටර් රථ ආන­ය­නය නතර කළත් ඉකුත් මාර්තු මස රුපි­යල් 180ට පමණ තිබූ ‍ඩොලරයේ අගය මේ වන විට රුපි­යල් 200 ඉක්මවා ගොස් ඇතැයි ද ඒ මහතා කීය.

මෝටර් රථ ආන­ය­නය නතර කිරීම නිසා ඉන් යැපුණු ලක්ෂ හත­රක පමණ පිරි­සක් ආදා­යම් අහි­මිව අස­ර­ණව සිටින බවද හෙතෙම සඳ­හන් කළේය.

කෙසේ වෙතත් පාවිච්චි කළ පැරණි වාහන මිල අසා­ධා­රණ ලෙස ඉහළ යෑම සැල­කි­ල්ලට ගෙන රජ­යට වැඩි බදු ආදා­ය­මක් ලැබෙන පරිදි රටට අවශ්‍ය වාහන යම් ප්‍රමා­ණ­යක් ගෙන­ඒ­මට ඉඩ දෙන ලෙස වාහන ආන­ය­න­ක­රු­වන්ගේ සංග­මය ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here