චීන ආරක්ෂක අමාත්‍යවරයාට හෝන් විරෝධය මෙහෙයවූ පුද්ගලයා අත් අඩංගුවට

0

චීන ආරක්ෂක අමාත්‍යවරයා රථ
පෙරහැරකින් කොළඹට පැමිණීමේදී
බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බා ධා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31
හැවිරිදි වියේ පසුවන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

සැකකරු වසර 10ක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිට මෙරටට පැමිණි අයෙකු බවද අනාවරණ වී තිබෙනවා.

එම අවස්තාවේදී මොහු එළියට පැමිණ නවතා තිබූ වාහන වල රියදුරන්ට පවසා සිටියේ මෙලෙස මාර්ගය වැසීම සසම්බන්ධයෙන් වි රෝධය පළ කිරීම සඳහා තම වාහන වල නලාව නාද කරන ලෙසයි.එක අනුගමනය කරමින් එම අවස්තාවේ නවතා තිබූ වාහන බොහොමයක් නොනවත්වා වාහන වල නලාව නාද කිරීම නිසා ප්‍රදේශයම ඝෝෂාකාරී විය.

එම අවස්ථාවේ ඇතිවූ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර ඒ සඳහා සමාජ ජාල තුළ දැඩි ප්‍රසිද්ධියක් හිමි වී තිබුණා.

වීඩියෝව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here