වෙළදපොළෙන් ඇෆ්ලටොක්සින් නැති හොද පොල්තෙල් හොයාගන්න හැටි (VIDEO)

0

විදේශයන්ගෙන් මෙරටට ආනයනය කළ පොල්තෙල් කන්ටේනර් වල අඩංගු පොල්තෙල් වල ශරීරයට අහිතකර ඇෆලටොක්සින් නැමැති පි ළිකා කාරකය ඇති බව සොයාගැනීමත් සමඟ මේ පිළිබඳව සමාජයේ දැඩි කතා බහට ලක් විය.

එම නිසා මෙම ඇෆලටොක්සින් අපේ ශරීරයට ඇතුලුවන්නේ කෙසේද එසේම ඇෆ්ලටොක්සින් අඩංගු ආහාර හඳුනගන්නේ කෙසේද යන්න බොහෝ දෙනා තුළ පවතින ගැටලුවක්.

ධාන්‍ය හෝ කොප්පරා වල බොහෝ විට මෙම ඇෆ්ලටොක්සින් සංඝටක සෑදීමට ඉඩකඩ ඇත.ගබඩා කිරීමේදී හෝ ඇසුරුම් කිරීමේදී මෙය සිදුවිය හැක.කෙසේවෙතත් ශරීරයට අහිතකර මට්ටමට මෙම ඇෆ්ලටොක්සින් නිර්මාණය වන්නේ ධාන්‍ය සුලු ප්‍රමාණයකියි.

නමුත් පොල්තෙල් වල මෙය බහුල වශයෙන් පැවතිය හැක.

කෙසේවෙතත් මෙම ඇෆ්ලටොක්සින් ආහාර පිසීමේදී පවා වි නාශ නොවේ.එමනිසා නිවසට ගෙනෙන ආහාරයක මෙම ඇෆලටොක්සින් අන්තර්ගත වූවහොත් අනිවාර්යයෙන්ම ඒවා අපේ ශරීරයට ඇතුලු විය හැක.

වෙළදපොළේ විකිණීමට ඇති ඇෆ්ලටොක්සින් අඩංගු නැති පොල්තෙල් සොයාගන්නා ආකාරය පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය සිදත් විජේසේකර පවසනවා.එම සම්පූර්ණ වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here