කොවිඩ් වලට නොපැරදුන ආදර කතාව

0

බැඳීම් යනු විටෙක කෙනෙකුට දුකක් වුවද, තවත් කෙනෙකුට බැදීම් යනු ජීවිතය ජීවත් කරවන සුන්දරම වු දෙයකි. කෙනෙකු රෝගි වූ විට තනිව ස ටන් කිරීමට නොහැකි අවස්ථා අනන්තය.

බොහෝ දෙනෙක්ට තමන්ගේ සමිපතමයින් ඇස් පනාපිටම මි ය යනවා බලාසිටින්නට සිදුව තිබේ.විශේෂයෙන්ම ජීවිත රැකගැනිමට කොරෝනා හා ස ටන්කිරිමට අප සියල්ලම සිදුව තිබේ.

පසුගියදා ඉන්දියානු මාධ්‍ය විසින් ප්‍රධාන සිරස්තල යටතේ පළකරන ලද පුවතක් ලෝකයේ බොහෝ දෙනෙකුගේ සිත්
ක මිපා කළේය. අප්‍රියෙල් 24 වෙනිදා අග්‍රා, අවාස් විකාල්හි අංශ 7හි පදිoචි රේන්ද සිගාල් නැමති කාන්තාව ඇගේ සැමියා වන රවි සිංගල් (47) රැගෙන රෝහල් කිහිපයකට ගියේ නම ස්වාමියාගෙ
ජීවිතය රැකගන්නටය. ඒ තම ස්වාමියාට කොරෝනා වෛරසය වැළඳී ඇති හෙයිනි.

රෝහල් කිහිපයකින් ඇයව ප්‍රතික්ෂේප
කළේය. අවසානයේ සරෝජිනි වෛද්‍ය විදහලයේ රෝහල වෙත රැගෙන යන අතරතුරදී හුස්ම ගන්නට අපහසු
වුණේ නොසිතු ලෙසය.

ඒ රෝහල්වලින් ඔහුව ප්‍රතික්ෂේප කළේ ඉඩ ප්‍රමාණයට වඩා රෝගීන් ප්‍රමාණයක් ඇතුළත්ව ඇති බැවිනි.මේ ප්‍රතික්ෂේප කිරීම බ රපතළ ලෙස රෝ ගාතුර වූ බොහෝ කෙනෙකුට අන තුරුදායක තත්ත්වයක් උදාකොට තිබිණ.

කිසිදු රෝහලකින් ගිලන් රථයක් පවා සොයා ගැනිමට ඇයට හැකියාවක් ලැබුණේ නැත.මේ නිසා ඇය තනියම ත්‍රිරෝද රථයක් රැගෙන රජයේ රෝහලක් වෙත තම සැමියාව රැගෙන ගෙනයාමට කටයුතු කළේ කිසියම් හෝ පිළිසරණක් පතාය.ඇය රෝහලක් සෙව්වේ නොම ළ ගෙයකින් අබ සොයන කිසාගෝතමියක් සේය.

ඇය කරකියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූවාය.මේ ජීවිතයේ මා සමග දුකසැප බෙදාගත් මගේ ස්වාමියා කෙසේ
නමි බේරාගන්නද කියා ඇය දහස් වරක් සිතන්නට ඇත. ඇය කිසිම පැකිලීමකින් තොරව ඇය කටින් කටට තබා හුස්ම ලබාදිමට උත්සහ කළාය. උකුල මත තිබූ
මෙම සිරුර රැගෙන රෝහල් කරා ඇය පියනැගුවේ බලාපොරොත්තු සුන්වු තත්වයට පත්වීමෙනි.

ඇයව රෝහලෙන් ප්‍රතික්ෂේප් කළේ ඔක්සිජන් සහ රෝහල් පහසුකම්ල බාදීමට නොහැකි තත්වයක් හේතුවෙනි.ඇය බොහෝ දෙනකුගෙන් උදව් ඉල්ලා සිටියාය. ඇගේ හිතෙහි කැකෑරුණු වේ දනාව ඉතා ද රු ණුය. ඒ වේදනාව තේරුම් ගන්නට කෙනෙකු මිහිපිට සිටියේ නැත.

ඊළග මොහොතේ සැමියාගේ සිරුරේ සිටි කොරෝනා මා..ර යා තමන් වැළදගන්නා බව දැන දැනම ඇය කටින් හුස්ම දී
උත්සාහය අතනොහැරියාය.

අවසානයේදී පවා හුම බිඳක් ලබාදිමට ඇය උත්සහ කළාය.ඇගේ උකුල මත ඔහු අවසන් හුස්ම හෙලුවේ ඇයද නොසිතු
ලෙසය.එහෙත් ඇය අවසන් හුස්ම දක්වාම ඔහුව තනි නොකළාය.

රෝහල වෙත රැගෙන ගියත් ඔහු
මි ය ගොස් ඇතිබව (SBMC) රෝහලේ වෛද්‍යවරු පවසා සිටියහ.තම ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිත අවදානම ගැන පවා ඇය සිතුවාය.

විවාහ වූදා සිට ලෝකයටම පෙන්නුවාය. ඇයවද අද කොරෝනා මා..ර යා වැළඳ ගෙන තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇගේ ජීවිතයේ හෙට දවස පිළිබඳ තිරණය කෙසේ විසදෙයිද කියා අප කාටවත් කිව නොහැක. බුදු දහමට අනුව මේ ලෝකේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බව අප තේරුම්
ගතයුතුය.

බොහෝ දෙනෙකුට මුදල් තිබුණද රෝහලක් සොයාගැනිමට නොහැකි තත්වයට මේ වන විට ඉන්දියාව පත්ව තිබේ. අපටද මෙයින් තේරුම් ගැනීමට බොහෝ දේ තිබේ. ඒ මුදල්වලටත් මේ
ලෝකේ කරන්නට බැරි දේවල්
ඇති බවය.

( මවුරට නිව්ස් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here