මුලු රටම වහන්න ජනපති බෑ කියද්දි අගමැතිගෙන් රට වහන්න යෝජනාවක්

0

ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ මේ වන විට මත දෙකක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

විශේෂයෙන්ම මැති ඇමැතිවරුන් කණ්ඩායමක් රට කෙටි හෝ පූර්ණ වසා දැමීමකට ලක් කළ යුතු බව ආණ්ඩුවට පෙන්වා දී තිබුණත් තවත් පිරිසක් කියා සිටින්නේ එසේ පූර්ණ වසාදැමීමකට නොගොස් අවශ්‍යතාව අනුව යම් යම් වසා දැමීම්වලට කටයුතු කළ යුතු යැයි කියාය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතයද පසුගිය සතියේ එළියට ආවේ හල්දුම්මුල්ලේ පැවැති රැස්වීමකදීය.එහිදී ජනාධිපතිවරයා රට ලොක්ඩවුන් නොකළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටියහ.

කෙසේවෙතත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝදෙනකු අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී දැනුම්දී තිබුණේ මේ වන විට තත්ත්වය අවදානම් පැත්තට හැරෙමින් පවතින බැවින් කෙටි කාලයකට හෝ රට පූර්ණ වසාදැමීමක් සිදුකළ යුතු යැයි කියාය.

එසේ කතා කළ මැති ඇමැතිවරුන්ට අගමැතිවරයාද කියා සිටියේ තමන්ගේද ස්ථාවරය යම් දින කිහිපයකට හෝ රට වසා දැමීමක් සිදුකළ යුතු බවකි.

“මමත් ඉන්නෙ රට යම් දින කිහිපයකට හරි වහන්න ඕනෙ කියන මතයෙ. ජනතාවගෙ වුණත් එහෙම විරෝධයක් නෑ මේ වෙලාවෙ රට වැහුව කියලා. ඉන්දියාවෙත් මේ වෙද්දි තත්ත්වය දරුණු අතට හැරිලයි තියෙන්නෙ. අපි ඒක ගැනත් බලන්න ඕන..” යන්න අගමැතිවරයාගේ මතය විය.

ඒ අනුව දැනගන්නට ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත අගමැතිවරයා මෙම යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවකි.

( උපුටාගැනීම මවුරට පුවත්පතේ රාජ්‍ය රහස් තීරයෙන් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here