ඔක්සිජන් සිලින්ඩර් පෞද්ගලිකව රැගෙන යාමේ ප්‍රවණතාවක්.

0

ඔක්සිජන් සිලින්ඩර් පෞද්ගලිකව මිලදී ගැනීම සඳහා මේ වනවිට ප්‍රවණතාවයක් මතුව ඇතැයි ලංකා ඔක්සිජන් සමාගමේ සේවකයෙක් තමන් කළ විමසීමකදී පැවසු බව ලංකා ටෘෘත් වෙබ් අඩවිය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව තුළ ආසාදිතයන් හා මරණ ප්‍රමාණය ඉහළ යාමත්, ඉන්දියාවේ මතුව ඇති භයානක තත්වයත් මේ සඳහා බලපා තිබේ. ඔක්සිජන් සිලින්ඩර ඔසවා ගෙන රෝහල් අසළ පොදි කන ඉන්දීය ජනතාව දෙස බලා ශ්‍රී ලාංකිකයන්ද මෙසේ පෙර සූදානම් වනවා ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා තිබුණා.

සමාගමේ සමහර සේවකයන් විසින් ඔක්සිජන් සිලින්ඩර කලින් මිලදීගෙන අනාගතයේ වැඩි මිලට විකිණීම සඳහා සූදානම් වෙමින් සිටින බව බවද වාර්තා වන බවයි සඳහන් වන්නේ.

ලංකා ඔක්සිජන් සමාගම රෝහල්වලට ඔක්සිජන් සිලින්ඩර සපයනවාට අමතරව විවිධ කර්මාන්ත සහ වෙල්ඩින් කටයුතු සඳහා ද ඔක්සිජන් සිලින්ඩර අලෙවි කරනු ලබන ආයතනයක්.

මෙසේ පෞද්ගලිකව ඔක්සිජන් සිලින්ඩර මිලදී ගැනීමට ජනතාව තුළ පෙළඹීමක් ඇති වුවහොත් එය රෝහල්වල ඇතිවෙමින් පවතින ඔක්සිජන් හිඟය වැඩි කිරීමට හේතු වනු නිසැකයි.

හිඟය සදහා වැඩිපුර බලපාන්නේ ඔක්සිජන් සැපයීමටත් වඩා ඒවා ගබඩා කරන සිලින්ඩර් බවයි වාර්තා වන්නේ.

(A5 news)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here