කොවිඩ් පැති­රීම උත්සන්න වෙයි..දිස්ත්‍රික් අතර සංච­රණ සීමා පැන­වීමේ සූ­දා­න­මක්

0

කොවිඩ් මර්ද­නය පිණිස ලබා දී ඇති උප­දෙස් නොතකා නිරෝ­ධා­යන නීති­ව­ලට පට­හැ­නිව ජන­තාව කට­යුතු කිරීම හේතු­වෙන් ඉදිරි දෙස­තිය ඉතාම අභි­යෝ­ගා­ත්මක වීමට ඉඩ ඇති බැවින් දිස්ත්‍රික්ක අතර සංච­ර­ණය තහ­නම් කිරී­මට සිදු­වනු ඇතැයි සෞඛ්‍ය අංශ අ න­තුරු අඟ­වයි.

තුන්වන රැල්ල ඉතා ශීඝ්‍ර­යෙන් පැතිර යන හෙයින් වහාම සංච­රණ සීමා පන­වන ලෙසත් පී.සී.ආර්. පරී­ක්ෂණ සංඛ්‍යාව වැඩි­ක­රන ලෙසත් නිර­තු­රු­වම ඉල්ලා සිටි බව පැවසූ රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ සම ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පෙන්වා දෙන්නේ මේ වන විට තත්ත්වය අව­දා­නම් මට්ට­මට පැමිණ ඇති හෙයින් වහාම සංච­රණ සීමා පැන­විය යුතු බවයි.

එමෙන්ම දින­කට ආසා­දි­ත­යන් 1500ක් පමණ හමු­වන හෙයින් රටම ‘ලොක්ඩ­වුන්‘ කළ යුතු බවට මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ සභා­පති උපුල් රෝහණ විසින්ද පෙන්වා දී ඇත.

පසු­ගිය සිකු­රාදා වන විට මෙරට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව එක් 108,120 දක්වා ඉහළ ගොස් තිබූ අතර තුන්වන රැල්ල ආර­ම්භයේ සිට නිරෝ­ධා­යන නීති කැඩූ 4,191 දෙනකු පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව තිබේ.

දිස්ත්‍රික් අතර සංච­රණ සීමා පැන­වීම සම්බ­න්ධව වසං­ගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසං­ගත රෝග විද්‍යාඥ විශේ­ෂඥ වෛද්‍ය සුදත් සම­ර­වී­ර­ගෙන් සිළු­මිණ කළ විම­සී­ම­කදී ඔහු පැව­සුවේ ජන­තාව සෞඛ්‍ය උප­දෙස් අනු­ග­ම­නය නොක­රන්නේ නම් හුද­කලා කිරීම් මෙන්ම දිස්ත්‍රික් සංච­රණ සීමා පැන­වී­මට සිදු වන බවයි.

තාරක වික්‍ර­ම­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here