කොවිඩ් පාලනයට හොඳම දේ සංචරණ සීමා පැනවීම – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඟමය

0

කොවිඩ් – 19 ව සං ­ග­තයේ වර්ත­මාන තත්ත්වය අනුව මේ අව­ස්ථාවේ කළ යුතු හොඳම දේ වයි­ර­සය පැති­රීම වැළැ­ක්වීම සඳහා සංච­රණ සීමා පැන­වීම බව විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මයේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය ඒ. ජේ. ඒ. එල්. ප්‍රනාන්දු මහතා පැව­සු­වේය.

කොවිඩ් පැති­රීම ඉතා ඉක්ම­ණින් අවම කිරීම සඳහා කිසි­යම් විදි­ය­කට රට වසා දැමී­මට අවශ්‍ය නම් එම තීර­ණය නිවැ­රදි වේලා­වට ගැනීම වැද­ගත් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බල­ධා­රීන් නිවැ­රදි තොර­තුරු දේශ­පා­ලන අධි­කා­රි­යට සහ තීරණ ගන්නන්ට දීමෙන් රට වසා දම­න්නට වන්නේද යන තීර­ණය ගැනී­මට බල­ධා­රීන්ට හැකි වන්නේ යැයිද හෙතෙම පැව­සීය.

කොවිඩ් දත්ත එක්රැස් කිරීම පවා අස­ම්පූර්ණ බවට පෙනී යන්නේ යැයිද, මේ අව­ස්ථාව හදිසි අව­ස්ථා­වක් නිසා නොප­මාව අවශ්‍ය වෙලා­වෙදි නිවැ­රදි තීරණ ගැනී­මට බල­ධා­රීන් පිය­වර ගත යුතු යැයිද ඒ මහතා පැව­සු­වේය.

කොවිඩ් ම ර්ද­නය සඳහා රජ­ය­ටත්, සෞඛ්‍ය බල­ධා­රී­න්ටත් උප­රිම සහාය තම සංග­ම­යෙන් දීම කරන බවද ඒ මහතා පැව­සු­වේය.

( දිනමිණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here