නො හික්මුණ රි‍යැදුරෙකුගේ ගොදුරක් වූ ජාතික යතුරු පැදි ශූරයා

0

ඔහු යතුරු පැදි ධාවන පථයට පිවිසි කල ප‍්‍රතිවාදී තරඟකරුවන් තුළ නිතැතින්ම හටගන්නේ චකිතයක්ය. පවනට බඳු වේගයකින් සිය යතුරුපැදිය හසුරුවන ඔහු තවත් වරෙක තටුසලන කුරුල්ලකු පරිදි යතුරුපැදිය ගුවනට ඔසවන්නේ නරඹන්නන් චකිතයට පත්කරමින්ය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස 2018 වර්ෂයේ ජාතික යතුරුපැදි ශූරයාට හිමි සම්මානය ඔහු විසින් සතුකර ගත්තේය. මේ කියන්නට යන යතුරුපැදි ශූරයා විසින් සිදුකළ තවත් විස්මිත යතුරුපැදි ක‍්‍රියාදාමයක් ලෙස තටු කැරකැවෙමින් පවතින හෙලිකොප්ටර් යානාවකට ඉහළින් තම යතුරුපැදිය ධාවනය කරමින් දක්වන ලද කුසලතාවය ද ප‍්‍රකටය. එය එතෙක් මෙතෙක් මෙරට යතුරුපැදි ධාවකයකු විසින් සිදුකළ ‘විස්මිත පිම්මක්’ ලෙස වාර්තා පොත්වලට එක්වී අවසන්ය.

එවැනි සමත්කම් දැක්වීමට සමත් ජාතික යතුරු පැදි ශූර බුද්ධික කසුන් සිල්වා මේ වනවිට ගතකරමින් සිටින්නේ ඊට හාස්පසින් වෙනස් ජීවිතයක්ය.නො හික්මුණු රියැදුරෙකු විසින් සිදුකළ මා.රක අනතුරක් හේතුවෙන් බ රපතළ තුවාළ ලබන බුද්ධික මේ වනවිටත් මාස කිහිපයක් තිස්සේ ගිලන් යහනක කල්ගත කරන අතර එම අ වාසනාවන්ත සිද්ධිය පිළිබඳ ඔහුගේ දෙමාපින් සහ එකම සහෝදරයා විසින් පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියේය.

දරු දුක වෙනුවෙන් උනන ලද කඳුළින් යුතුව මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ බුද්ධිකගේ පියාණන් වන කීර්තිසිංහ සිල්වා එම අ වාසනාවන්ත සිදුවීම විස්තර කරන්නට වූයේ මේ ආකාරයෙන්ය.

මගෙන් පස්සෙ මගේ පුතාල දෙන්නා මෝටර් රේස් කරන්න ගත්තා.ඒකට මමවත් මගේ බිරිඳවත් විරුද්ධත්වයක් දැක්වූයේ නෑ.මුලින්ම මගේ ලොකුපුතා තමයි මේකට යොමුවෙන්නෙ.ශ‍්‍රී ලංකා යු ධ හමුදා පොලිසිය නියෝජනය කරමින් තමයි එයා තරග වදින්නෙ. අදටත් වාහන 18 ක් උඩින් යතුරුපැදියක් ධාවනය කිරීමේ වාර්තාව තියෙන්නෙ එයාට. එයාගෙ අඩිපාරේ යමින් තමයි මගේ පොඩි පුතාත් ඒ ක‍්‍රීඩාව තෝරගන්නෙ. එයාට වයස අවුරුදු පහක් සම්පූර්ණ වෙනකොටත් මෝටර්බයික් පදින්න පුළුවන්.

බුද්ධික පුතා ඉගෙන ගත්තේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ.ඉස්කෝලෙ යන කාලයේ ඉඳලම බුද්ධික පුතාට යතුරුපැදි ධාවනය හුරුයි. පුතා උස් මහත් වුණේ මෝටර්බයික් එකත් එක්කම තමයි.ඔය අතරේ මෙයාගේ දක්ෂතාවය දකින යු ධ හමුදාවේ උසස් නිලධාරී මහත්වරු කීපදෙනෙක් මගේ පුතාව හමුදාවට ඉල්ලනවා. එහෙම තමයි පුතා ය හමුදා රාජකාරියට පිවිසෙන්නෙ. යන්තම් අවුරුදු 18 සම්පූර්ණ වෙද්දී ශ‍්‍රී ලංකා යු ධ හමුදා සංඥා බළකායේ සාමාජිකයෙක් ලෙස එයා රාජකාරිය අරඹනවා. එදා ඉඳලා එයා යතරු පැදි ධාවන තරගවලට එක්වුණේ යු ධ හමුදාව නියෝජනය කරමින්.

මේ අනතුර වෙනකොට පුතාට වයස 24 යි. ගෙවුණ වසර හය තිස්සේ යු ධ හමුදා සාමාජකයෙක් ලෙස පුතා ලොකු කීර්තියක් යු ධ හමුදාවට අත්පත් කරලා දුන්නා. අද පුතාට කතා කරන්න බෑ.අතක් පයක් උත්සන්න බෑ. එයාගෙ හිස් කබලෙන් පැත්තක් අයින් කරන්න තරම් බරපතළ අනතුරකට තමයි ඒ අහිංසක දරුව ගොදුරු වෙලා තියෙන්නෙ.’’

ජාතික යතුරුපැදි ශූර බුද්ධික කසුන් සිල්වා මේ වනවිට පසුවන්නේ එවැනි අ වාසනාවන්ත තත්ත්වයකය.ඉකුත් පෙබරවාරි මස සිය පුහුණුවීම්වලින් අනතුරුව මිතුරකු සමග මහමඟ ගමන් කරමින් සිටින අතර තුර මෙම මා..රක රිය අනතුර සිදුව ඇත. උඩවලව ප‍්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගත් නවීන පන්නයේ වෑන් රථයක් බුද්ධික සහ ඔහුගේ මිතුරා ගමන්ගත් යතුරුපැදිය යට කරමින් පලා යන අතර අනතුර සියසින් දුටුවන් පවසා සිටින්නේ අධික වේගයෙන් පැමිණි වෑන් රථය යතුරුපැදියේ ගැටීම හේතුවෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා මීටර දෙසීයක පමණ දුරකට ඇදීයන ආකාරයත් අවට සිටි පිරිසට දැක ගැනීමට ලැබුණු බවත්ය.

අ නතුර හේතුවෙන් වෑන් රථයේ ඉදිරපස බෆරය සහ අංක තහඩුව එම ස්ථානයේ ගැලවී වැටෙන අතර අනතුර සිදුකළ වෑන් රථය එම ස්ථානයෙන් පලාගොස් ඇත්තේ සිදුවූවේ කුමක්ද යන්න පිළිබඳ පවා කිසිදු විමසුමක් සිදු නොකරමින්ය.

තම සහෝදරයාට සිදුවූ වි පත පිළිබඳව ඉකුත් දිනෙක මාධ්‍යයට අදහස් දක්වමින් බුද්ධිකගේ සොයුරු යොහාන් ප‍්‍රදීප් සිල්වා සඳහන්කර සිටින්නේ මෙවැනි අදහසක්ය.

මල්ලි පසුගිය පෙබරවාරි මාසයේ පළමුවැනිදා තමයි නිවාඩු ඇවිත් ඉඳලා ආපසු කෑම්ප් එකට ගියේ. ඒ යන්නෙ තරගාවලියක් සඳහා පුහුණුවීම් කරන්න. එයා ඒ තරමටම යු ධ හමුදාවටත් යතුරුපැදි ධාවනයටත් ආදරය කළ කෙනෙක්. මල්ලිගෙ දස්කම් දකින හමුදාපතිතුමා ලක්ෂ තිස්ගාණක් වටිනා යතුරු පැදියක් පවා මල්ලිට අරන් දීලයි තිබුණෙ.

එදා මල්ලි ට‍්‍රැක් එකේ පුහුණුවීම් නිමා කරලා යාළුවෙක් එක්ක උඩවලවට එද්දී තමයි එයාව හප්පල දාන්නෙ. ඇත්තට ම අනතුර සිද්ධ වෙච්ච වෙලාවෙ එයාව රෝහල් ගත කරන්න තරම්වත් ඒ වෑන් රථයේ ගමන් ගත් පිරිස කටයුතු කළා නම් මල්ලිට අද මෙහෙම තත්ත්වයක් උදා නොවෙන්න තිබුණා. නමුත් ඒ අය එහෙම කළේ නෑ. මගේ මල්ලි කියන්නෙ ඇත්තට ම දක්ෂයෙක්. ඒත් එයා කවදාවත් යතුරුපැදි ධාවන පථයකදී හැරෙන්න එයාගෙ දස්කම් මහ පාරේ පෙන්වන්න ගියේ නෑ. මේ අනතුර ධාවන පථයකදී සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. තමන්ගෙ පාඩුවෙ මහ පාරේ යද්දී තමයි වෑන් රථ රියැදුරෙකු විසින් මෙහෙම අ.පරාධයන් කරලා තියෙන්නේ.

එම බි.හිසුණු රිය අ නතුරෙන් විනාඩි 45කට පසුව බුද්ධික සහ අ නතුරට පත් ඔහුගේ මිතුරාව ප‍්‍රදේශවාසීන් විසින් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත්කොට ඇත. එහිදී ලබාදුන් මූලික ප‍්‍රතිකාරවලින් අනතුරුව අනතුරට පත් දෙදෙනාම ඇතුළත් කරනු ලබන්නේ කරාපිටිය රෝහල වෙතයි. එහිදී බුද්ධිකගේ ජීවිතය රැකගැනීම පිණිස මොළය ආශ‍්‍රිතව පැය 04ක පමණ සැත්කමක් සිදුකරන අතර ඔහුට තවදුරටත් ජීවත්වීමට වරම් හිමිවන්නේ එම සැක්කම්වලින් අනතුරුවය. එමෙන්ම ඔහු සමඟ ගමන් ගත් අනෙක් පුද්ගලයාගේ ජීවිතය රැක ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් දැඩි වෙහෙසක් ගෙන ඇත.

එම අනතුරින් මේ වනවිට මාස දෙකක් පමණ කාලයක් ගතවී ඇතත් තුවාලකරුවන් තවමත් පසුවන්නේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින්. ඒ පිළිබඳ බුද්ධිකගේ සොහොයුරා වන යොහාන් ප‍්‍රදීප් දක්වන්නේ මෙවැනි අදහසක්ය.

මේ සිද්ධියෙන් පස්සෙ මල්ලි ප‍්‍රතිකාර ලබන්නෙ යුද හමුදා රෝහලෙන්.හමුදාපතිතුමාගේ ඉඳලා සියලූම නිලධාරීන් මල්ලි ගැන සොයා බලනවා. හමුදා වෛද්‍යවරු එයා යථාතත්ත්වයට ගන්න ලොකු මහන්සියක් ගන්නවා. මීට පෙරත් 2019 වර්ෂයේදී යතුරු පැදි ධාවන තරගයක් අතරතුර මල්ලි අනතුරට ලක්වෙනවා. ඒ වෙලාවෙ එයාගෙ මොළයට යම් හානියක් සිදුවෙනවා. නමුත් එයා රෝහල්ගතව ප‍්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ආපසු පුහුණුවීම් අරඹනවා. හමුදාව කියන්නෙ එයාගෙ ජීවිතය. යතුරුපැදි තරගයක් ජය අරන් ඒ කුසලානයත් අරන් කෑම්ප් එකට යන එක තමයි මල්ලිගෙ ලොකුම ආශාව වෙලා තිබුණෙ.

එයා දිගින් දිගට ම හමුදාවට ජයග‍්‍රහණ ගෙනැත් දුන්න ජාතික ශූරයෙක්. මල්ලි සුවය ලබල ආපසු ධාවන පථයේ ක‍්‍රීඩා කරනව දකින්න විශාල පිරිසක් තාමත් බලාගෙන ඉන්නවා. නමුත් හිසට සිදුවූ බ රපතළ හානිය හේතුවෙන් එයා මේ වනවිට ‘කෝ මා’ තත්ත්වයට පත්වෙලා කියන එක තමයි වෛද්‍ය නිර්දේශය වෙලා තියෙන්නෙ.’’

ජාතික යතුරු පැදි ධාවන ශූරයකු වන බුද්ධික කසුන් සිල්වාගේ වත්මන් තත්ත්වය එබඳුය. රටක් වටිනා ජීවිතයක් අද වනවිට එකැතැන්වී ඇත. ඔහු සුවපත් කිරීම පිණිස යුද හමුදා වෛද්‍යවරු කාර්ය මණ්ඩල ඇතුළු නිරන්තර වෙහෙසක නියැළෙමින්ය. ඒ සඳහා හමුදාපතිතුමා ඇතුළු උසස් හමුදා නිලධාරීන්ගෙන්ද උපදෙස් සහ සහාය නිරතුරුව යොමුවෙමින් ඇත.

එපමණක් නොව යතුරු පැදි ධාවනය ප‍්‍රිය කරන මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පැතුම බවට පත්ව ඇත්තේද තවමත් 24 හැවිරිදි වියේ පසුවන බුද්ධික කසුන් සිල්වා ඉක්මන් සුවය ලබනු දැකීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here