මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ පුද්ගලයා මි ය යයි – කොවිඩ් ආසාදිත බවට තහවුරු වේ

0

මාර්ගයක ඇද වැටී සිටිය දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මි ය ගිය පුද්ගලයෙක්, පසුව සිදුකරන ලද පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

එසේ මි ය ගොස් ඇත්තේ වෙන්නප්පුව – බුජ්ජම්පොළ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.

ඔහු පොල් කැඩීම තම ජීවන වෘත්තිය ලෙස සිදුකර ඇත.

පසුගිය 02 වනදා සවස ඔහු වෙන්නප්පුව-බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටියදී 1990 ගිලන් රථයක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

නමුත් රෝහල්ගත කර සුළු වේලාවකින් ඔහු මි ය ගොස් ඇත

( අද දෙරණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here