කොවිඩ් දේහයන් ගැන අලුත් තීන්දුවක්

0

දෛනිකව සුවය ලබන ප්‍රමාණයට වඩා වාර්තා වන රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව විශාල වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තදබදය සෞඛ්‍ය අංශවලට විශාල අභියෝගයක් වී තිබේ.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 112,000සේ සීමාවත් පසු කරද්දී අඛණ්ඩව සිව්වන දිනටත් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) 1500 සීමාව පසු කළේය.

ඒ, ඊයේ හඳුනාගත් ආසාදිතයින් 1,891 දෙනාද සමගය.

පළමුවරට දෛනික ආසාදිතයින් 1,000 සීමාව පසු කළ පසුගිය අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව මේ දක්වා දින 05 ක කාලය තුළ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සැලකිය යුතු අගයකින් අඛණ්ඩව වර්ධනය වී තිබේ.

ඒ අනුව ඊයේ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව සියයට 70.2ක වර්ධනයක් බව පෙන්නුම් කරන අතර එය ඉදිරි දින කිහිපය පිළිබඳව අනතුරු ඇඟවීමක් ද වේ.

කොවිඩ් ආසාදිතයෙකු වුවද ම ර ණයට හේතුව වෙනත් රෝගයක් නම් එවැනි ම ර ණ මින් ඉදිරියට කොවිඩ් ම ර ණ ලැයිස්තුවට ඇතුලත් නොකරන බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානි සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here