ධම්මික පැණිය ආයුර්වේදයේ එකක් නෙමේ..මිත්‍යා මත අපි කතාකරන් නෑ -සිසිර ජයජයකොඩි (VIDEO)

0

කොවිඩ් තුන්වැනි රැල්ල එක්ක දේශීය වෛද්‍ය ක්‍රමවේදයන්ට සහ දේශීය ඖෂධවලට යොමුවීම කෙරෙහි රටේ රැල්ලක් ගොඩනැගී තියෙනවා.මේ තුළ දේශීය වෙදකමට විශාල ඉඩ ප්‍රස්ථාවක් විවර වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වතාවට ආයුර්වේද රෝහල් සඳහා කොරෝනා රෝගීන් ඇතුළත් කරගැනීමට අනුමැතිය ලැබිලා තියෙනවා.යැයි

දේශීය වෙදකම ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවැසීය.

‘‘බොරැල්ල, රාජගිරිය ආයුර්වේද රෝහල, මහරගම නාවින්න ආයුර්වේද පර්‌යේෂණ රෝහල ඇතුළු අනෙකුත් ආයුර්වේද රෝහලුත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට රජය තීන්දු කර තියෙනවා. කොවිඩ් රෝ ගීන්ට අපේ ආයුර්වේද රෝහල්වලින් ලබාදෙන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කළ ආයුර්වේද බෙහෙත් පමණයි.

විශේෂයෙන් අපේ රටේ පාරම්පරික වෛද්‍යවරු නිර්දේශ කරන ඖෂධ වගේම ආයුර්වේදයේ දැනට භාවිත වන ඖෂධත් ලබාදීමට කටයුතු කරනවා. කොවිඩ් රෝගය මේ රටට ආව දවසේ සිටම අපේ ආයුර්වේද වෛද්‍යවරු ඉල්ලීමක් කරලා තිබුණා කොවිඩ් රෝ ගීන්ට ප්‍රතිකර්ම ලබාදීමට අවස්ථාවක් සලසා දෙන්න කියලා. නමුත් රජය ඒකට අනුමැතිය දුන්නේ නැහැ. කල් ගිහින් හරි ඒ අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඒක අපේ රටේ භාග්‍යයක්.

ඉකුත් සිකුරාදා ජනාධිපතිතුමා මුණගැහිලා අපි කළ සාකච්ඡාවකින් අනතුරුව එතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අරගත්තු තීරණයට අනුව අපේ ආයුර්වේද රෝහල් පද්ධතියත්, මේ කොවිඩ් රෝ ගීන් සඳහා වෙන් කරලා තියෙනවා. අපි හැකි ඉක්මනින් විශේෂඥ කමිටුවක් පත්කරලා මේ කොවිඩ් රෝගීන් ආයුර්වේද රෝහල්වලට බාරගැනීමට කටයුතු කරනවා. මේ කොවිඩ් රෝ ගීන් අපේ රෝහල්වලට ඇතුළත් කරගන්නේ අපේ ​දේශීය ඖෂධ ලබාදීමේ හැකියාව මත පමණයි. අපේ​ රෝහල් පද්ධතිය තුළ අපි දෙන්නේ අපේ ඖෂධ පමණයි. දේශීය වෙදකමට බටහිර වෙදකම පටලවා ගන්න අපේ රෝහල් සූදානම් නැති බව කියන්න වෙනවා. අපේ වෛද්‍ය ක්‍රම වගේම අපේ දේශීය ඖෂධවලින් මේ රෝගය සුවපත් කළ හැකි බව අපට විශ්වාසයක් තියෙනවා. දැන් ඒ සඳහා සියලු කාර්ය මණ්ඩලත් සූදානම් කරගෙන යනවා. ඉතා නුදුරු දිනක කොවිඩ් රෝගීන් අපේ ආයුර්වේද රෝහල්වලට ඇතුළත් කරගන්නවා.

එදා කොවිඩ් රෝගයට පැණියක් දුන්නා.ඒක ආයුර්වේද ප්‍රතිකර්මවලට අදාළ දෙයක් නෙවෙයි. ඒක දුන්නේ වතුපිටිවල රෝහලේ බටහිර වෛද්‍යවරුන් කීපදෙනකුගේ නිර්දේශ මත. ඒකට වගකියන්න ඕනෑ ඒ අය සහ ඒවා ප්‍රසිද්ධ කළ අය. එයින් අපේ විශිෂ්ට දේශීය වෙදකමේ වටිනාකම පහළට වැටුණේ නෑ. ඒවා කළේ බටහිර වෛද්‍යවරු කීපදෙනෙක්. අපි කතා කරන්නේ ඒ මිථ්‍යා මත ගැන නෙවෙයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වසර දහස් ගණනක් පුරා අත්දුටු සම්මත කරගත් සනාථ කරගත් දේවල් ගැනයි. ඒ නිසා අපේ රෝහල්වල බටහිර වෛද්‍ය ක්‍රම බෑ, ඒවට ඉඩක් නෑ.

බටහිර ඖෂධවලින් ඇතිවිය හැකි සංකූලතා අපේ දේශීය ඖෂධ සහ ක්‍රමවේදවලින් ඇතිවන්නේ නෑ. බ රපතළ ලෙස සමහරු අපේ දේශීය දේවල් ගරහන නිසා තමයි රටේ ජනතාව වැරදි මාර්ගවල යන්නේ. ඒ නිසා අපි අපේ ක්‍රම සහ ඖෂධ පමණක් භාවිත කරලා අපේ ආයුර්වේද රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝගීන් සුවපත් කරන්න අපි කටයුතු කරනවා.

(අරුණ පුවත්පතේ පළවූ ලිපියකි..ජයතිලක ගන්නෝරුව-මහර)

කෙසේවෙතත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ගිය වසරේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙම පැණිය හදුන්වා දුන් වෛද්‍යවරයා අගය කරන බවත්,ඒ පැණිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ද අගය කරන අතර ඔවුන්ට කිසිදු බා ධාවක් නොකිරීමට වඟබලාගත යුතු බවත්‍ ය.එම වීඩියෝව පහළින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here