කොබෙයිගනේ 19 හැවිරිදි තරුණයෙක් නිදි ඇඳේම මි ය ගිහින්.

0

රාත්‍රී ආහාර ගෙන නිදාගත් 19 හැවිරිදි තරුණයෙක් නිදි ඇඳේම මි ය ගොස් ඇති බව කොබෙයිගනේ බොරළු වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මි ය ගොස් ඇත්තේ කොබෙයිගනේ පොලිස් අනාවරණය වී තිබේ.
වසමේ කහටගස්වැව පදිංචි ඩබ්ලිව්. රුමේධ චානක නැමැති අවිවාහක තරුණයෙකි.

තම කිරි අම්මා සමඟ තාවකාලික නිවෙසක ජීවත්වන මි ය ගිය අය 01 දින රාත්‍රී ආහාර ගෙන නිදාගත් බවද රාත්‍රී එකය පමණ පපුව රිදෙන බව පවසා උණු වතුර පානය කර සෙම ව මනය දමා නිදාගත් බව කියයි.

පසුදින උදෑසන බලන විට ඔහු මි ය ගොස් සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ම ළ සිරුර කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යවා ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු වැඩිදුර පරීක්ෂණ කිරීමට නියමිතය.

මේ අතර නිකවැරටිය ප්‍රදේශයේ  කොවිඩ් හේතුවෙන් වසා දැමූ ගමක ලියුම් බෙදූ තැපැල් කරුවෙක් ද මි ය ගොස් තිබෙන බවද මාධ්‍ය වාර්තා පලවී තිබෙනවා.

නිකවැරටිය ප්‍රදේශයේ ලියුම් බෙදමින් සිටි තැපැල්කරුවකු හදිසි රෝගී තත්ත්වයක් මතුවී රෝහල්ගත කිරීමෙන් පසු ම ර ණයට පත්වී ඇති බව නිකවැරටිය පොලිසිය පවසයි.

නිකවැරටිය තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කළ එම නිලධාරියා නිකවැරටිය ප්‍රදේශයේ කොවිඩ් නිසා වසා දමා තිබූ ගම්මානයක ලියුම් බෙදා ඇත.

ඔහුගේ දේ හය ආශ්‍රිතව පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here